නික්මයාම 34:29-32
නික්මයාම 34:29-32 SCV
මෝසෙස් සීනයි කන්දෙන් පහළ බැස ආවේ, ගිවිසුමේ ගල් පුවරු දෙක ද අතැතිව ය. ඔහු ස්වාමින්වහන්සේ සමඟ කතා කරමින් සිටි බැවින් කන්දෙන් බසිද්දී, මෝසෙස්ගේ මුහුණ බැබළෙන දීප්තියෙන් යුතු වූ වග ඔහු නො දත්තේ ය. ආරොන් හා සියලු ඉශ්‍රායෙල්වරු මෝසෙස් දුටු කල, මෙන්න! ඔහුගේ මුහුණේ බැබළෙන දීප්තියක් විය. එනිසා ඔහු ළඟට එන්නට ඔවුහු භය වූහ. එහෙත් මෝසෙස් ඔවුනට අඬගැසී ය. එවිට ආරොන් ද සමූහයාගේ නායකයින් සැවොම ද යළි ඔහු වෙත ආහ. ඔහු ඔවුන් හා කතා කළේ ය. ඉන්පසු සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ළඟට ආහ. එවිට ඔහු, සීනයි කන්දේදී ස්වාමින්වහන්සේ ඔහුට පැවසූ නියෝග ඔවුනට දුන්නේ ය.

