නික්මයාම 34:1-3
නික්මයාම 34:1-3 SCV
ස්වාමින්වහන්සේ, මෝසෙස් ඇමතූ සේක්, “පළමු ඒවා වැනි ගල් පුවරු දෙකක් කපා ගන්න. ඔබ බිඳ දැමූ ඒ පළමු ගල් පුවරුවල සඳහන් ව තිබූ වචන, මම ඒවායේ ලියන්නෙමි. උදෑසනින් සූදානම් වී, උදෑසන සීනයි කන්දට නැග එන්න. කඳු මුඳුනේදී මා අබියස පෙනී සිටින්න. කිසි කෙනකු ඔබ සමඟ නො ආ යුතුයි. කිසි කෙනකු කන්දේ යම් තැනක දක්නට පවා නො සිටිය යුතුයි. එළු බැටළු, ගව රංචුවලට පවා කන්ද ඉදිරිපිට තණ නො කැවිය යුතු යැ” යි පැවසූ සේක.

