නික්මයාම 3:1-6

නික්මයාම 3:1-6 SCV

මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන් පූජක යෙත්රෝගේ එළු බැටළු රංචුව බලා ගත්තේ ය. ඔහු සත්ව රංචුව පාළුකරයේ බටහිර පැත්තට ගෙන ගොස්, හොරේබ් හෙවත් දෙවියන්වහන්සේගේ කන්ද වෙත පැමිණියේ ය. එහිදී ස්වාමින්වහන්සේගේ දූතයා, පඳුරක් මැද ගිනි ජාලාවක ඔහුට පෙනුණි. ඔහු බැලූ කල, මෙන්න! පඳුර ගිනි ඇවිළෙන නමුත්, දැවී ගියේ නැත. එවිට මෝසෙස්, “මම එතැනට ගොස්, පඳුර නො දැවෙන්නේ මන්ද කියා ඒ පුදුම දර්ශනය බලන්නෙමි” යි කීවේ ය. ඔහු පඳුර බලන පිණිස හැරී ගිය වග ස්වාමින්වහන්සේ දුටු කල, දෙවියන්වහන්සේ ඔහුට අඬගසමින්, “මෝසෙස්! මෝසෙස්!” යැයි ඇමතූ සේක. “මෙන්න, මම” යි ඔහු පැවසී ය. එවිට උන්වහන්සේ, “තවත් ළං නො වනු! ඔබේ පාවහන් ගලවනු. මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි” යි පැවසූ සේක. උන්වහන්සේ තවදුරටත්, “ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වන ඔබේ පියාගේ දෙවියන්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක. මෙවිට මෝසෙස් තම මුහුණ සඟවා ගත්තේ ය. දෙවියන්වහන්සේ දෙස බැලීමට ඔහු භය විය.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 3:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය