නික්මයාම 3:1-6
නික්මයාම 3:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන් පූජක යෙත්රෝගේ එළු බැටළු රංචුව බලා ගත්තේ ය. ඔහු සත්ව රංචුව පාළුකරයේ බටහිර පැත්තට ගෙන ගොස්, හොරේබ් හෙවත් දෙවියන්වහන්සේගේ කන්ද වෙත පැමිණියේ ය. එහිදී ස්වාමින්වහන්සේගේ දූතයා, පඳුරක් මැද ගිනි ජාලාවක ඔහුට පෙනුණි. ඔහු බැලූ කල, මෙන්න! පඳුර ගිනි ඇවිළෙන නමුත්, දැවී ගියේ නැත. එවිට මෝසෙස්, “මම එතැනට ගොස්, පඳුර නො දැවෙන්නේ මන්ද කියා ඒ පුදුම දර්ශනය බලන්නෙමි” යි කීවේ ය. ඔහු පඳුර බලන පිණිස හැරී ගිය වග ස්වාමින්වහන්සේ දුටු කල, දෙවියන්වහන්සේ ඔහුට අඬගසමින්, “මෝසෙස්! මෝසෙස්!” යැයි ඇමතූ සේක. “මෙන්න, මම” යි ඔහු පැවසී ය. එවිට උන්වහන්සේ, “තවත් ළං නො වනු! ඔබේ පාවහන් ගලවනු. මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි” යි පැවසූ සේක. උන්වහන්සේ තවදුරටත්, “ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වන ඔබේ පියාගේ දෙවියන්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක. මෙවිට මෝසෙස් තම මුහුණ සඟවා ගත්තේ ය. දෙවියන්වහන්සේ දෙස බැලීමට ඔහු භය විය.
නික්මයාම 3:1-6 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය. ස්වාමීන්වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනිජාලාවක සිට ඔහුට පෙනුණේය. ඔහු බලා සිටියේය, බලව, පඳුර ගිනි ඇවිළ තිබුණු නුමුත් දාලානොගියේය. එවිට මෝසෙස්: මම දැන් අහකට හැරී පඳුර දාලානොගියේ මක්නිසාද යන මේ මහත් දර්ශනය බලන්නෙමියි කීය. ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටුකල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහියයි ඔහු කීවේය. උන්වහන්සේ කථාකොට: මෙතැනට ළංනොවව. නුඹේ පාදවලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධභූමියකැයි කීසේක. උන්වහන්සේ තව දුරටත්: මම නුඹේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. මෝසෙස් තමාගේ මුහුණ වසාගත්තේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ දෙස බලන්ට භයවිය.
නික්මයාම 3:1-6 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තැන වන ජෙත්රෝගේ එළු බැටළු පට්ටි රැකබලාගනිමින් සිටියේ ය. ඔහු ඒ පට්ටි පාළුකරය හරහා දක්කාගෙන ගොස්, හොරෙබ් නම්, දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල, සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය. මෝසෙස්, “මෙය පුදුමයකි. මම දැන් ඊට ළං වී, පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි”යි තමාට ම කියාගත්තේ ය. ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, “මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කීවේ ය. එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.
නික්මයාම 3:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 3:1-6 New International Version (NIV)
Now Moses was tending the flock of Jethro his father-in-law, the priest of Midian, and he led the flock to the far side of the wilderness and came to Horeb, the mountain of God. There the angel of the LORD appeared to him in flames of fire from within a bush. Moses saw that though the bush was on fire it did not burn up. So Moses thought, “I will go over and see this strange sight—why the bush does not burn up.” When the LORD saw that he had gone over to look, God called to him from within the bush, “Moses! Moses!” And Moses said, “Here I am.” “Do not come any closer,” God said. “Take off your sandals, for the place where you are standing is holy ground.” Then he said, “I am the God of your father, the God of Abraham, the God of Isaac and the God of Jacob.” At this, Moses hid his face, because he was afraid to look at God.