නික්මයාම 24:9-11
නික්මයාම 24:9-11 SCV
ඉන්පසු මෝසෙස් හා ආරොන් ද නාදාබ් හා අබීහූ ද ඉශ්‍රායෙල් වැඩිහිටියන් හැත්තෑදෙනා ද කන්දට නැගුණෝ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝ ය. උන්වහන්සේගේ පාද යට අහස සේ ම පැහැදිලි නිල් මැණිකකින් සැදි පාදිකාවක් වැන්නක් විය. එහෙත් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාගේ මෙම වැඩිහිටියනට එරෙහිව ස්වකීය හස්තය එසවූයේ නැත. ඔවුහු දෙවියන්වහන්සේ දුටුවෝ ය; කෑවෝ ය; බීවෝ ය.

