නික්මයාම 24:9-11
නික්මයාම 24:9-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු මෝසෙස් හා ආරොන් ද නාදාබ් හා අබීහූ ද ඉශ්රායෙල් වැඩිහිටියන් හැත්තෑදෙනා ද කන්දට නැගුණෝ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝ ය. උන්වහන්සේගේ පාද යට අහස සේ ම පැහැදිලි නිල් මැණිකකින් සැදි පාදිකාවක් වැන්නක් විය. එහෙත් දෙවියන්වහන්සේ ඉශ්රායෙල් ජනයාගේ මෙම වැඩිහිටියනට එරෙහිව ස්වකීය හස්තය එසවූයේ නැත. ඔවුහු දෙවියන්වහන්සේ දුටුවෝ ය; කෑවෝ ය; බීවෝ ය.
නික්මයාම 24:9-11 Sinhala Revised Old Version (SROV)
එකල මෝසෙස්ද ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද නැගී ගොස්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝය; උන්වහන්සේගේ පාද යට නීලමාණික්‍ය ආස්තරණයක් වැන්නක්ද දීප්තිමත්කමින් අහස්තලයම වැන්නක්ද වූයේය. උන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන්ගේ උත්තමයන් පිට අත නොහෙළූසේක, ඔව්හු දෙවියන්වහන්සේ දැකලාත් කා බී සිටියෝය.
නික්මයාම 24:9-11 Sinhala New Revised Version (NRSV)
මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය. එහෙත්, උන් වහන්සේ ඉශ්රායෙල් ජනයා අතර මේ නායකයන්ට අනතුරක් නොකළ සේක. ඔව්හු උන් වහන්සේ දුටු පසු ආහාර පාන අනුභව කළහ.
නික්මයාම 24:9-11 Sinhala New Revised Version 2018 (SNRV)
මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය. එහෙත්, උන් වහන්සේ ඉශ්රායෙල් ජනයා අතර මේ නායකයන්ට අනතුරක් නොකළ සේක. ඔව්හු උන් වහන්සේ දුටු පසු ආහාර පාන අනුභව කළහ.
නික්මයාම 24:9-11 New International Version (NIV)
Moses and Aaron, Nadab and Abihu, and the seventy elders of Israel went up and saw the God of Israel. Under his feet was something like a pavement made of lapis lazuli, as bright blue as the sky. But God did not raise his hand against these leaders of the Israelites; they saw God, and they ate and drank.