නික්මයාම 23:9-12

නික්මයාම 23:9-12 SCV

“විදේශිකයකුට පීඩා නො කරන්න. විදේශිකයකුගේ හැඟීම් මොනවාදැයි ඔබ හොඳින් දනී. මන්ද ඔබත් ඊජිප්තුවේ විදේශීන් ව සිටි බැවිනි. “හය අවුරුද්දක් ඔබේ බිම් වපුරා අස්වනු නෙළා ගන්න. එහෙත් හත් වන අවුරුද්දේ කෙත් වතු පුරන් ව තිබෙන්නට හැරිය යුතු ය. ප්‍රයෝජනයට නො ගත යුතු ය. ඔබේ ජනයා අතරේ දුගී අය එයින් අහර සපයා ගත්තා වේ. ඔවුන් ඉතිරි කරන දෑ වන සතුන්ගේ භුක්තියට ය. ඔබගේ මිදි වත්තට හා ඔබගේ ඔලීව උයනට අදාළ ව ද එසේ කරන්න. “හය දවසක් ඔබට ඔබේ වැඩ කර ගත හැකි ය. එහෙත් හත් වන දවසේ ඔබ විවේක ගත යුතු ය. එසේ කළ යුත්තේ, ඔබේ ගවයාට හා බූරුවාට විවේක ලැබෙන පිණිසත්, ඔබේ දාසියගේ පුතුට හා විදෙස්සාට වෙහෙස නිවා, යළි ප්‍රබෝධය ලැබෙන පිණිසත් ය.

නික්මයාම 23:9-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය