සබත් දවස සිහියේ තබා ගනිමින්, එය ශුද්ධ ලෙස වෙන් කොට තබන්න. හය දවසක් ඔබ වෙහෙස ව ඔබේ සියලු වැඩ කර ගන්න. එහෙත් හත් වන දවස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සබතක් ය. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. ඔබ හෝ ඔබගේ පුතා හෝ ඔබගේ දුව හෝ ඔබගේ සේවකයා හෝ ඔබගේ සේවිකාව හෝ ඔබගේ සතුන් හෝ ඔබේ පුරවර දොරටු තුළ වෙසෙන විදෙස්සා හෝ කිසි වැඩක් නො කළ යුතු ය. මන්ද අහස ද පොළොව ද මුහුද ද එහි ඇති සියල්ල ද හය දවසක් තුළ සෑදූ ස්වාමින්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. එබැවින් ස්වාමින්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට, එය විශුද්ධ කළ සේක. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ ඔබ දීර්ඝායු ලබන පිණිස ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න. ඔබ, මිනී මැරීම නො කළ යුතු ය. ඔබ, පරදාර සේවනය නො කළ යුතු ය.
නික්මයාම 20 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 20:8-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ