නික්මයාම 16:13-19

නික්මයාම 16:13-19 SCV

එදා සවස, වටුවෝ අවුත් කඳවුර වසා ගත්හ; උදෑසන කඳවුර හාත්පස පිනි තට්ටුවක් විය. පිනි සිඳී ගිය පසු මෙන්න! සුමුදු හිම වැනි කුඩා වටකුරු දෙයක් කාන්තාර බිම මතු පිට තිබිණ. ඉශ්‍රායෙල්වරු ඒ දුටු කල, “මොනවද මේ?” යි එකිනෙකාගෙන් විමසන්නට වූහ. ඒ මොනවාදැයි ඔවුන් දැන සිටියේ නැත. එවිට මෝසෙස් ඔවුන් දැනුවත් කරමින්, “නුඹලාට කෑමට ස්වාමින්වහන්සේ දුන් රොටි මේවා ය. ස්වාමින්වහන්සේ අණ කොට ඇත්තේ, ‘හැම කෙනෙක් ම තමන්ට ආහාරයට, අවශ්‍ය තරම එකතු කර ගනිත්වා; ඔබගේ කූඩාරමේ සිටින හැම කෙනකුට ම ඕමෙරයක් බැගින් ගනිත්වා’ කියා” යි පැවසී ය. ඉශ්‍රායෙල්වරු තමනට කී ලෙස කළහ. ඇතමෙක් බොහොමයක් ද ඇතමෙක් ස්වල්පයක් ද එකතු කර ගත්හ. ඕමෙරයක මිම්මෙන් ඔවුන් ඒවා මැන බැලූ කල, බොහොමයක් එකතු කළ අයට වැඩියෙන් තිබුණේවත්, ස්වල්පයක් එකතු කළ අයට අඩුවෙන් තිබුණේවත් නැත. හැම කෙනකු ම රැස් කර තිබුණේ තමනට අවැසි තරම පමණ ය. එවිට මෝසෙස් ඔවුන්ට කතා කොට, “කිසිවකු මෙයින් කිසිවක් උදය වන තුරු නො තබා ගත යුතු යැ” යි කීවේ ය.

නික්මයාම 16:13-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය