නික්මයාම 16:1-11

නික්මයාම 16:1-11 SCV

මුළු ඉශ්‍රායෙල් ජන සමූහයා ඒලිම් වෙතින් පිටත් ව, ඔවුන් ඊජිප්තු දේශයෙන් නික්මුණු පසු දෙවන මස පහළොස් වන දවසේ, සීන් කාන්තාරයට පැමිණියහ. එය පිහිටියේ ඒලිම් හා සීනයි අතර ය. ඉශ්‍රායෙල් මුළු ජන සමූහයා කාන්තාරයේදී මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව මැසිවිලි නගන්නට වන්හ. ඉශ්‍රායෙල්වරු ඔවුනට දොස් පවරමින්, “ඊජිප්තුවේදී ස්වාමින්වහන්සේ අතින් අප මැරුණා නම් හොඳයි! එහිදී අප මස් බඳුන් වටේට හිඳ, අප ආශා කළ කෑම, බඩ-කට පුරා කෑවා. එහෙත් දැන් මේ මුළු සමූහයා සාගින්නෙන් මරා දමන්නට නුඹලා මේ කාන්තාරයට අප ගෙනැවිල්ලා” යි කීහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මෙන්න! මම නුඹලාට අහසින් ආහාර වැසි වස්සන්නෙමි. ජනයා ඒ ඒ දවසේ පිටතට ගොස්, ඒ දවසට ප්‍රමාණවත් තරම එකතු කර ගත යුතු ය. මේ අයුරින් මම ඔවුන් පරීක්ෂා කර, ඔවුන් මගේ උපදෙස් පිළිපදිනවාදැයි බලමි. හය වන දවසේ ඔවුන් ගෙනෙන දැයින් අහර පිළියෙල කර ගත යුතු ය. එය අනෙක් දවස්වල ඔවුන් එකතු කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් යැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් හා ආරොන් සියලු ඉශ්‍රායෙල්වරුන් අමතමින්, “ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙන එන ලද්දේ, ස්වාමින්වහන්සේ ම වග සවස නුඹලා දැනගනු ඇත. උදයේ නුඹලා ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය දකිනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහි වූ නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අපට එරෙහිව මැසිවිලි නගන්නට අප කවුරු දැ?” යි පැවසූහ. තවද මෝසෙස්, “සවස ඔබට කෑමට උන්වහන්සේ මස් සපයා දෙන විටත්, උදයේ ඔබට ඇති තරම් ආහාර සපයා දෙන විටත්, ඒ ස්වාමින්වහන්සේ ම වග නුඹලා දැනගනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහිව නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අප කවුරු ද? නුඹලා මැසිවිලි නගන්නේ අපට එරෙහිව නො ව, ස්වාමින්වහන්සේට එරෙහිව යැ” යි පැවසී ය. ඉන්පසු මෝසෙස්, ආරොන් අමතමින්, “මුළු ඉශ්‍රායෙල් ජන සමූහයාට කතා කොට, ‘ස්වාමින්වහන්සේ හමුවට එන්න; ඔබේ මැසිවිල්ල උන්වහන්සේ ඇසූ සේක කියා කියන්නැ’ යි” පැවසී ය. ආරොන් මුළු ඉශ්‍රායෙල් ජන සමූහයාට කතා කරද්දී, ඔවුහු කාන්තාරය දෙස බැලූහ. එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය වලාකුළෙහි පෙනෙන්නට වන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්

නික්මයාම 16:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය