නික්මයාම 14:19-20
නික්මයාම 14:19-20 SCV
එතෙක් ඉශ්‍රායෙල් සේනාංකයට පෙරටුවෙන් ගමන් ගත් දෙවියන්වහන්සේගේ දූතයා එතැනින් මෑත් වී, ඔවුනට පිටුපසින් යන්නට වන්නේ ය. ඔවුනට පෙරටුවෙන් වූ වලා ටැඹ ද මෑත් වී, ඔවුනට පිටුපසින් පිහිටා, ඊජිප්තු සේනාංක හා ඉශ්‍රායෙල් සේනාංක අතරට පැමිණියේ ය. එහි වලාවත්, අන්ධකාරයත් විය. මෙසේ දෙගොල්ල එකිනෙකාට ළං වීමක් නො වී, රැය ගත විණ.

