නික්මයාම 14:19-20
නික්මයාම 14:19-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එතෙක් ඉශ්රායෙල් සේනාංකයට පෙරටුවෙන් ගමන් ගත් දෙවියන්වහන්සේගේ දූතයා එතැනින් මෑත් වී, ඔවුනට පිටුපසින් යන්නට වන්නේ ය. ඔවුනට පෙරටුවෙන් වූ වලා ටැඹ ද මෑත් වී, ඔවුනට පිටුපසින් පිහිටා, ඊජිප්තු සේනාංක හා ඉශ්රායෙල් සේනාංක අතරට පැමිණියේ ය. එහි වලාවත්, අන්ධකාරයත් විය. මෙසේ දෙගොල්ල එකිනෙකාට ළං වීමක් නො වී, රැය ගත විණ.
නික්මයාම 14:19-20 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය. ඒක මිසරවරුන්ගේ සමුදාවත් ඉශ්රායෙල්ගේ සමුදාවත් අතරට පැමුණුණේය; මෙසේ වලාකුළද අන්ධකාරයදවිය, එහෙත් එය රාත්රියෙහි එළිය දුන්නේය. මෙසේ මුළු රාත්රියෙහි එක් පක්ෂය අනික් පක්ෂයට ළං නොවීය.
නික්මයාම 14:19-20 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු ඉශ්රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයා ද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ ය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී, මිසර වාසීන්ගේ හමුදාව හා ඉශ්රායෙල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේ ය. වලාකුළක් හා අඳුරක් ඇති විය, රාත්රිය ගෙවිණි, එහෙත් මුළු රාත්රියේ ම හමුදා දෙක එකිනෙකට ළඟා නො වූ හ.
නික්මයාම 14:19-20 Sinhala New Revised Version 2018 (SNRV)
ඉන්පසු ඉශ්රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයා ද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ ය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී, මිසර වාසීන්ගේ හමුදාව හා ඉශ්රායෙල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේ ය. වලාකුළක් හා අඳුරක් ඇති විය, රාත්රිය ගෙවිණි, එහෙත් මුළු රාත්රියේ ම හමුදා දෙක එකිනෙකට ළඟා නො වූ හ.
නික්මයාම 14:19-20 New International Version (NIV)
Then the angel of God, who had been traveling in front of Israel’s army, withdrew and went behind them. The pillar of cloud also moved from in front and stood behind them, coming between the armies of Egypt and Israel. Throughout the night the cloud brought darkness to the one side and light to the other side; so neither went near the other all night long.