එස්තර් 9:13-19

එස්තර් 9:13-19 SCV

එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් කැමති නම්, අද දවසේ රාජාඥාව හෙට දවසේත් ක්‍රියාත්මක කරන්නට ෂූෂන්හි යුදෙව්වරුන්ට අවසර දෙනු මැනවි. තවද හාමාන්ගේ පුතුන් දස දෙනාගේ සිරුරු එල්ලුම් ගස්වල එල්ලා තබනු ලැබේවා” යි කීවා ය. එබැවින්, එසේ කරන ලෙස රජු නියෝග කළේ ය. ෂූෂන්හි ආඥාවක් නිකුත් කරන ලදී. හාමාන්ගේ පුතුන් දස දෙනාගේ සිරුරු ද එල්ලා තබන ලදී. ෂූෂන්හි යුදෙව්වරු රංචු ගැසී, අදාර් මස දාහතර වන දින ෂූෂන්හි තුන්සිය දෙනෙක් මරා දැමූහ. එහෙත් ඔවුන් කොල්ලකෑමට අත පෙව්වේ නැත. මේ අතර රජුගේ ප්‍රාන්තවල සෙසු යුදෙව්වරු ද තමන්ගේ ආරක්ෂාව සඳහා එක් රොක් වී ඔවුන්ගේ සතුරන්ගෙන් නිදහස් වූහ. ඔවුහු සතුරන් හැත්තෑපන්දහස් දෙනෙක් මරා දැමූහ; එහෙත් කොල්ලයට අත පෙව්වේ නැත. එය සිදු වූයේ අදාර් මස දහතුන් වන දා ය. දාහතර වන දින ඔවුහු විවේක ගනිමින්, ඒ දවස, ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. කෙසේ වෙතත් ෂූෂන්හි යුදෙව්වරු දහතුන් වනදාත්, දහහතර වනදාත් එක් රොක් වූවෝ, පහළොස් වන දා විවේක ගනිමින්, ඒ දවස ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. ගම්මානවල වෙසෙන ගැමි යුදෙව් ජනයා අදාර් මස දස සතර වන දින එකිනෙකාට තෑගි දෙන, ප්‍රීති උත්සව පවත්වන දවසක් ලෙස පවත්වන්නේ ඒ නිසා ය.

මෙයට අදාළ වීඩියෝ