රජුගේ නියෝගය හා ආඥාව ක්‍රියාත්මක කිරීමට නියමිත දොළොස් වන මාසයේ, අදාර් මාසයේ දහතුන් වන දිනය, එදින යුදෙව්වරුන් මැඬලීමට ඔවුන්ගේ සතුරන් බලාපොරොත්තු වූ දවස වුව ද, තත්වය අනෙක් අතට පෙරැළිණ; යුදෙව්වරු එය, තමන්ට වෛරකළවුන් මැඬලීමේ දවසකට හරවා ගත්හ. අහෂ්වේරොෂ් රජුගේ හැම ප්‍රාන්තයක ම යුදෙව්වරු, තමන් විනාශ කරන්නට සෙවූවන්ට පහර දෙන පිණිස, තම පුරවරයන්හි එක් රැස් වූහ. අන් හැම ජාතියකට ම අයත් ජනයා පිට යුදෙව්වරුන් කෙරේ වූ භයක් පතිත වූ බැවින් යුදෙව්වරුන්ට එරෙහිව නැගිටින්නට සමත් කිසිවකු හෝ නො වී ය. සියලු රජුගේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු ද විවිධ ප්‍රාන්ත-පාලකයෝ ද විවිධ ජන කොටස් හි අධිපතීහු ද මොර්දෙකයි කෙරේ වූ බියෙන් ඇලළී ගියාහු, යුදෙව්වරුන්ට ම උදවු උපකාර කළහ. මොර්දෙකයි, රජ මැදුරෙහි බලවතා විය. ඔහුගේ කීර්තිය ද ප්‍රාන්ත මුළුල්ලෙහි පැතිර ගියේ ය. මෙසේ මොර්දෙකයි වඩ වඩා බලවත් විය. යුදෙව්වරු ඔවුන්ගේ සියලු සතුරන් මරා දමමින්, වනසාලමින්, ඔවුන් කඩුවෙන් ගසා හෙළූහ. ඔවුහු, තමන්ට වෛර කළවුනට තමන් රිසි පරිද්දෙන් කළහ. යුදෙව්වරු ෂූෂන් බළකොටුවේ මිනිසුන් පන්සිය දෙනෙක් මරා දැමූහ.
එස්තර් 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එස්තර් 9:1-6
4 Days
We will all face adversity at work. How we handle adversity makes a big difference in the outcomes for our work and our relationships. This plan will help you find peace so you can face the uncertainty that comes with challenging circumstances with poise and wisdom.
5 Days
Are you weary? Worn out by the bills that keep stacking or a heart that keeps aching? If so, the book of Esther brings welcome news: Relief will come! Though God never promised us a life without trials, he does promise to be with us as we walk through them. In this 5-day plan, you'll learn to trust that God can redeem your struggles for a mighty purpose.
In life’s battles, it may seem like the enemy has the upper hand, but God specializes in turning defeat into victory. This 5-day Bible plan, by Dr. Tomi Ademokun, explores themes of spiritual warfare, divine intervention, and supernatural restoration through the story of Esther. From looming destruction to triumphant deliverance, discover how God orchestrates divine reversals for His people. No matter the opposition, God’s purpose will prevail. Get ready to step into His victory!
7 Days
This week, we will walk through some key passages from the book of Esther. Let her example challenge you as a man to live your life with the boldness and courage she shows us! It was written by J.R. Hudberg.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ