එස්තර් 1:9-12

එස්තර් 1:9-12 SCV

වෂ්තී බිසව ද අහෂ්වේරොෂ් රජුගේ මාලිගයේදී කාන්තාවන් සඳහා ප්‍රිය සාදයක් පැවැත්වූවා ය. හත් වන දවසේ රජු මිදි යුෂ පානයෙන් ප්‍රමුදිත ව සිටියදී, රජු ඉදිරියේ මෙහෙවර කළ මෙහූමාන්, බිස්සෙතා, හර්බෝනා, බිග්තා, අබග්තා, සේතර් හා කර්කස් යන නපුංසක නිලධාරීන් හත් දෙනාට නියෝග කළ අහෂ්වේරොෂ් රජු, වෂ්තී බිසව ඇගේ රාජකීය ඔටුන්න පලඳා, තමන් ඉදිරියට කැඳවා එන ලෙස අණ කළේ, බලන්නට ලස්සන ඇගේ රූ සිරි ජනතාවටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ය. එහෙත් රාජ නපුංසකයින් රජුගේ නියෝගය දැන් වූ කල, වෂ්තී බිසව පැමිණීම ප්‍රතික්ෂේප කළා ය. එවිට රජු කෝපයෙන් වියරුව, තරහින් ඇවුළුණේ ය.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 1:9-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය