නීතිය හා විනිශ්චය පිළිබඳ කරුණුවලදී විශාරද උපදෙස් විමසීම රජුගේ සිරිත වූ බැවින් රජු කාලයන් දන්නා ප්‍රාඥයින් විමසී ය. රජුට වඩාත් සමීප වූත්, රජුගේ මුහුණ දැකීමේ අවසරය ලත් රාජ්‍යයේ මුලින් ම අසුන් ගන්නන් වූත්, පර්සියා හා මේදියා අධිපතීන් හත්දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා හා මෙමූකාන් ඇමතූ රජු, “නීතියට අනුව වෂ්තී බිසවට කළ යුත්තේ කුමක් ද? නපුංසක නිලධාරීන් විසින් ඇය වෙත ගෙන යන ලද අහෂ්වේරොෂ් රජුගේ නියෝගයට ඇය අකීකරු වී ඇතැ” යි කීවේ ය. එවිට රජු ද අධිපතීන් ද ඉදිරියෙහි පිළිතුරු දුන් මෙමූකාන්, “වෂ්තී බිසව වරද කර ඇත්තේ, රජුට එරෙහිව පමණක් නො වේ; සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්රාන්තයන්හි ජනතාවටත් එරෙහිවයි. මන්ද බිසවගේ හැසිරීම කාන්තාවන් හැමට දැනගන්නට ලැබුණු විට, ඔවුන් තම සැමියනට ගර්හා කොට, ‘අහෂ්වේරොෂ් රජු තමන් ඉදිරියට වෂ්තී බිසව පමුණු වන්නට අණ දුන් නමුත්, ඈ පැමිණියේ නැතැ’ යි කියනු ඇත. බිසවගේ හැසිරීම ගැන අසන පර්සියාවේ හා මේදියාවේ කුල කාන්තාවන්, මේ අද දවසේ ම රජුගේ අධිපතීන්ටත් ඒ අයුරින් ම ප්‍රතිචාර දක්වනු ඇත. මේ ගරු සරු නැතිකමේත්, විරෝධයේත් නිමක් නො වනු ඇත. “එබැවින් රජු මනාප වේ නම්, එතුමන් වෙතින් රාජ නියෝගයක් නිකුත් වෙත්වා. වෂ්තීට යළි කිසි දිනෙක අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසිය නො හැකි ය යන ඒ නියෝගය වෙනස් කළ නො හැකි සේ, එය පර්සියා හා මේදියා නීතියෙහි ලේඛනගත කෙරෙත්වා. තවද ඇගේ රාජකීය පදවිය, ඇයට වඩා සුදුසු තැනැත්තියකට රජු විසින් දෙනු ලැබේවා. මෙසේ මේ රාජ නියෝගය රජුගේ මේ මහා විශාල රාජධානිය පුරා ප්‍රකාශයට පත් කළ කල්හි, සියලු ම භාර්යාවන් උසස්, පහත් දෙගොල්ල ම තම සැමියනට ගෞරව කරනු ඇතැ” යි කීවේ ය. මෙම උපදෙස රජුට හා අධිපතීන්ට ප්‍රසන්න වූයෙන්, රජු මෙමූකාන්ගේ යෝජනාව පරිදි කටයුතු කළේ ය. ඔහු රාජකීය සියලු ප්‍රාන්ත වෙත සන්දේශ යවමින්, හැම පිරිමියෙක් ම ඔහුගේ ගෘහවාසීනට ගෘහපති විය යුතු යැයි ඒ ඒ ජනයාගේ මව් බසින් නිවේදන කරවමින්, එක් එක් ප්‍රාන්තයට ඒ ඒ ප්‍රාන්තයට පොදු අකුරින් හා එක් එක් ජනතාවට ඔවුන්ගේ ම භාෂාවෙන් දන්වා යැවී ය.
එස්තර් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එස්තර් 1:13-22
3 Days
Have you ever felt like God just isn't doing anything at all? All you see is heartache and confusion? We've been there. Inspired by the song “Up To Something” by Red Rocks Worship, join us on a 3-day devotional diving into 3 stories throughout scripture where God was up to something - despite what the situation looked like.
5 Days
If you've ever felt inadequate or pushed into overwhelming circumstances, the Book of Esther is for you. Esther was given one of the world's hardest assignments: to protect God's special people from an evil plan. But it wasn't because she was extra brave or super-extraordinary. Other than her beauty, she was a normal girl. But her life reminds us that every True Girl has a purpose and sometimes, it takes great patience to live it out.
What if your position or role is more purposeful than you realize? In this 5-day journey through the first chapters of Esther, you’ll explore how courage, timing, and quiet obedience can shift the course of history. It’s a focused space for you, God, and His Word—one chapter at a time—inviting you to step into purpose, right where you are.
7 Days
If you are a woman in the workplace, you may be wrestling with a number of challenges, from finding your voice as a leader and dealing with workplace discrimination, to managing parenthood and establishing a healthy rhythm of work and rest. What biblical wisdom can women draw from to meet today’s workplace challenges?
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ