එපීස 6
6
1දරුවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබේ දෙමාපියනට කීකරු වන්න; හරි දේ එයයි. 2“ඔබේ පියාටත්, මවටත් ගෞරව කරන්න” යන්න පොරොන්දුවක් රැගත් පළමු ආඥාවයි. 3“එයින් ඔබට සෙත සැලසේ; මිහි පිට දිගු කල් ජීවත් වන්නට ලැබේ.”#6:3 ද්වි 5;16
4පියවරුනි, ඔබේ දරුවන් කුපිත නො කරන්න. ඒ වෙනුවට ස්වාමින්වහන්සේ අනුමත විනයෙන් හා උපදෙසින් ඔවුන් හැඩගස්වන්න.
5දාසයිනි, ක්‍රිස්තුස්වහන්සේට ඔබ කීකරු වන්නා සේ, ගරුත්වයෙන්, බයින් හා අවංක හදින් මෙලොව ඔබේ හාම්පුතුනට කීකරු වන්න. 6ඔවුන් ඔබ දෙස බලා සිටියදී ඔවුන්ගේ ප්‍රසාදය දිනන පිණිස නො ව, ඔබේ හදවතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින්, ක්‍රිස්තුස්වහන්සේගේ දාසයින් ලෙස ඔවුනට කීකරු වන්න. 7මිනිසුන්ට නො ව, ස්වාමින්වහන්සේට කරන සේවයක් සේ, ඔබේ මුළු හදින් ම මෙහෙ කරන්න. 8දාසයකු හෝ නිවහල් කෙනකු හෝ යන කවරකු වුවත් කරන හැම හොඳ වැඩකට ම, ස්වාමින්වහන්සේ ප්‍රතිවිපාක දෙන බව ඔබ දනී.
9හාම්පුතුනි, ඔබත්, ඔබේ දාස දාසීනට එපරිද්දෙන් සලකන්න. ඔවුන්ට තර්ජනය නො කරන්න. මන්ද, ඔවුන්ගේ ද ඔබගේ ද ස්වාමියාණන් ස්වර්ගයේ සිටින බැව් ඔබ දනී. උන්වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නො තකන සේක.
ආත්මික සන්නාහ
10අවසන් වශයෙන්, ස්වාමින්වහන්සේ තුළ ද උන්වහන්සේගේ පරාක්‍රමවත් බලයෙහි ද බලවත් වන්න. 11යක්ෂයාගේ උපාය මාර්ගවලට එරෙහිව නැගී සිටිනු හැකි වන පිණිස, දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වන්න. 12මන්ද අපගේ සටන ලෙයින්-මසින් යුතු මිනිස් සතුරනට එරෙහිව නො වේ. පාලන-බලවේගයනට එරෙහිව ය; අධිපතීන්ට එරෙහිව ය; මේ අන්ධකාර ලෝක බලවේගයනට එරෙහිව ය. ආකාශ බලමණ්ඩල දුෂ්ටාත්ම සේනාවන්ට එරෙහිව ය. 13එබැවින්, නපුරු දවස පැමිණි කල, ඊට විරුද්ධ ව, ඔබගේ තැන පිහිටා සිටිනු හැකි වනු පිණිස, කළ හැකි සියල්ල කළ පසු නො සැලී සිටගත හැකි වන පිණිස දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වන්න. 14එබැවින්, සත්‍යයේ ඉඟ පටිය ඉඟ බැඳ, ධර්මිෂ්ඨකමේ ළය වැස්ම පැලඳ, 15සාමයේ සුබ අස්නට සූදානම් වහන් පය ලා ස්ථාවර ව සිටගන්න. 16ඒ සියල්ලට අමතරව ඇදහිල්ලේ පලිහ අතට ගන්න. නපුරාගේ සියලු ගිනිමය හී නිවා, මැඩලන්නට ඉන් ඔබට හැකි වෙයි. 17ගැලවීම නැමති ආරක්ෂක තොප්පිය ද දේව වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ අසිපත ද ගන්න.
18තවද හැම විට, හැම විදියකම යාච්ඤා හා ඉල්ලීම් සමඟ ආත්මයාණන්වහන්සේ තුළ යාච්ඤාවෙහි යෙදෙන්න. මෙය සිත්හි තබාගෙන, සුපරීක්ෂාකාරී ව සිටිමින් සියලු ශුද්ධවතුන් උදෙසා නිරතුරු ව යාච්ඤා කරන්න. 19මා මුව විවර කරන හැම විටෙක ශුභාරංචි අබිරහස අභීත ව ප්‍රකාශ කරන්නට නිසි වචන පැවසීමට වර ලැබෙනු පිණිස, මා ගැනත් යාච්ඤා කරන්න. 20මන්ද මම ශුභාරංචියේ තානාපතියෙක්මි. මා සිර-බැඳුම් ලැබ සිටින්නේ එනිසාවෙනි. කළ යුතු ලෙස අභීත ව මට ඒ ශුභාරංචිය ප්‍රකාශ කරනු හැකි වන පිණිස යාච්ඤා කරන්න.
අවසන් ආචාරය
21ස්වාමින්වහන්සේ තුළ විශ්වාසවන්ත දේව-සේවක අප ප්‍රේමණීය සොයුරු තුකිකස් සියලු තොරතුරු ඔබට පවසනු ඇත. එවිට මගේ තතු කෙසේ ද, මා කරන්නේ කවරේ ද යන්න ගැන ඔබටත් දැනගත හැකි වනු ඇත. 22මා ඔහු ඔබ වෙත එවන්නේ අප ගැන තොරතුරු ඔබට දැන ගන්නටත්, ඔහු මගින් ඔබ ධෛර්යවත් කරන්නටත් යන අරමුණින් ය.
23පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද සාමයත්, ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයින්ට අත් වේවා!
24යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නොමියෙන පෙමින් ප්‍රේම කරන සැමට අනුග්‍රහය වේවා!
දැනට තෝරාගෙන ඇත:
එපීස 6: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: