එපීස 4
4
ක්‍රිස්තුස්වහන්සේගේ සිරුරෙහි එකමුතුකම සහ පරිණතබව
1එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. 2සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. 3ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. 4ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; 5එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; 6සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.
7එහෙත්, අප එකිනෙකාට අනුග්‍රහය බෙදා දී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයට අනුව ය. 8ඒ ගැන මෙසේ කියවෙයි:
“උන්වහන්සේ උසස් ස්ථානයට නැගුණු කල,
සිරබාරයට පත් ව සිටි සමූහයක් අල්ලාගෙන ගිය සේක;
උන්වහන්සේ මිනිසුනට තෑගි දුන් සේක.”#4:8 ගීතා 68;18
9“උන්වහන්සේ නැගුණු” යන්නෙන් අදහස් වන්නේ, උන්වහන්සේ පොළොවේ පහත් ම පෙදෙස්වලට බැස්ස බවක් මිස අන් කුමක් ද? 10මුළු විශ්වය ම පූර්ණ කරන පිණිස සමස්ත ස්වර්ගයන්ට ද වඩා ඉහළ නැගුණ තැනැත්තාණෝ පෙර කී පහළ බැස්ස තැනැත්තාණන් ම ය. 11ඇතමුන් අපෝස්තුලුවරුන් ද ඇතමුන් දිවැසිවරුන් ද ඇතමුන් ශුභාරංචි දේශකයින් ද ඇතමුන් සභා පාලකයින් හා ගුරුවරුන් ද ලෙස දී ඇත්තේ උන්වහන්සේ ම ය. 12ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩ නැගෙන පිණිස සේවා-කටයුතු සඳහා ශුද්ධවන්තයින් හැඩගස්වනු පිණිස එසේ දී ඇත්තේ, 13ඇදහිල්ලේත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් දැන ගැනීමේත් එකමුතුකමට අප සැවොම ළඟා වන තෙක් හා ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණත්වය, අංග සම්පූර්ණ ව ම අත්කර ගනිමින්, අප හැම එම පරිණත භාවයට පත් වන තෙක් ය.
14එසේ වූ කල, අප තවදුරටත් මිනිසුන්ගේ කූට උපා මාර්ගවල කපටකම් හා ප්රයෝගවලින් ද සකල බොරු ඉගැන්වීම් නැමති සුළඟින් ද ඒ මේ අත ගසා ගෙන යන, රළ රැළිවලින් ඈත-මෑත විසිවන බාලයින් මෙන් නො වනු ඇත. 15ඒ වෙනුවට අපි ප්‍රේමයෙන් යුතු ව, සත්‍යය පවසමින්, ශරීරයේ හිස වන ක්‍රිස්තුස්වහන්සේ තුළට සැමතින් ම වැඩෙන්නෙමු. 16මෙසේ, හැම ශරීරාංගයක් ම නිසියාකාර ව ක්‍රියා කරමින්, මුළු ශරීරයේ හැම සම්පාදිත අවයවයක් ම අස්ථි සන්ධියකින් එක්සන්ධි වී පැවත, ප්‍රේමයෙන් වැඩෙමින්, ස්වයං ව ගොඩ නැගෙයි,
අලුත් ස්වභාවයෙන් යුතු කිතුනු ජීවිතය
17එබැවින් මා ඔබට කියන්නේත්, ස්වාමින්වහන්සේ තුළ තරයේ ම ඔබෙන් ඉල්ලන්නේත්, තවදුරටත් අන්‍ය-ජාතීන් මෙන් තම නිස්සාර කල්පනා අනුව ජීවිතය ගත නො කරන ලෙසයි. 18තම හදවත්වල දැඩිකම නිසා, අනාවබෝධය හේතුවෙන්, ඔවුහු සිටින්නේ තම වැටහීම අඳුරු කර ගෙන, දෙවියන්වහන්සේගේ ජීවනයෙන් ද වෙන් ව ය. 19ඔවුහු සියලු සංවේදිතා අහිමි ව, අනාචාරයට තමන් ම බාර වී, සකල විධ අපවිත්‍රතාහි ගැලෙන්නට තෘෂ්ණා වී සිටිති.
20එහෙත් ඔබ, ක්‍රිස්තුස්වහන්සේ දැන-උගත්තේ එලෙසින් නො වේ. 21සැබවින් ම ඔබ උන්වහන්සේ ගැන ඇසුවේත්, උන්වහන්සේ තුළ ඔබට උගන්වනු ලැබුවේත් යේසුස්වහන්සේ තුළ වූ සත්‍යතාවට අනුකූලව ය. 22ඔබගේ පැරණි ජීවන රටාව සම්බන්ධයෙන් ඔබට උගන්වනු ලැබ ඇත්තේ, මායාකාරී තෘෂ්ණාවන්ගෙන් දූෂිත ඔබගේ පැරණි මනුෂ්‍යයා ඉවතලීමටත්, 23ඔබගේ සිත්හි ආකල්ප අලුත් කර ගැනීමටත්, 24සැබෑ ධර්මිෂ්ඨත්වයෙන් හා ශුද්ධත්වයෙන් දෙවියන්වහන්සේ හා සමාන වන ලෙස මවන ලද අලුත් මනුෂ්‍යයා පැලඳ ගැනීමටත් ය.
25එබැවින් ඔබ හැම බොරුව අත්හැර, තම අසල්වැසියා සමඟ සත්‍යවාදී ව කතා කළ යුතු ය. මන්ද අප එකිනෙකා අන්‍යෝන්‍ය අවයවයන් ය. 26කෝප වූවත් පව් නො කරන්න#4:26 ගීතා 4;4; ඔබ කෝපයෙන් සිටියදී හිරු බැස යන්නට ඉඩ නො දෙන්න. 27තවද යක්ෂයාට කිසිදු ඉඩක් නො දෙන්න. 28සොරකමේ යෙදුන අය මින් මතු සොරකම් නො කළ යුතු ය. ඒ වෙනුවට, අවැසිතා ඇත්තවුනට උදවු දීමට තමනටත් කිසිවක් තිබෙන පිණිස, තම දෑතින් ම පලදායි කාරියක යෙදෙමින් වෙහෙසී වැඩ කළ යුතු ය.
29ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න. 30දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට දුක් නො දෙන්න. ඔබගේ මිදීම සම්පූර්ණ වන දවස දක්වා ඔබ මුද්‍රා තබා ඇත්තේ උන්වහන්සේගෙනි. 31සියලු අමනාප ද ක්‍රෝධය හා කෝපය ද උද්ඝෝෂණ හා අපවාද ද හැම අයුරු ද්වේෂ ද ඉවත දමන්න. 32ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබට කමා වූ අයුරින්, ඔබත් එකිනෙකාට කමා කරමින්, එකිනෙකාට කරුණාවෙන් හා දයානුකම්පාවෙන් සලකන්න.
දැනට තෝරාගෙන ඇත:
එපීස 4: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: