එපීස 2:11-14
එපීස 2:11-14 SCV
එබැවින්, කලක් ජන්මයෙන් ඔබ අන්‍ය-ජාතික ව සිටියදී, තමන් “චර්මඡේදිත” යයි තමන් ම කියා ගත්තවුන් විසින් “චර්ම-අඡේදිතයන්” ලෙස ඔබ හඳුන්වනු ලැබූ අවදිය සිහි කරන්න. (චර්ම-ඡේදනය මිනිස් අතින් මාංසයෙහි කරන ලද දෙයකි) එකල ඔබ ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් ව, ඉශ්‍රායෙල් පුරවැසි භාවයට පිටස්තරයින් ව, පොරොන්දුවේ ගිවිසුම්වලට පරදේශික ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන්වහන්සේගෙන් තොර ව ලෝකයේ සිටි හැටි සිහි කරන්න. එහෙත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දැන්! වරක් දුරස්ථ ව සිටි ඔබ, ක්‍රිස්තුස්වහන්සේගේ ලේවලින් ළං කරනු ලැබ ඇත. මන්ද අපගේ සාමය උන්වහන්සේ ම ය; අප දෙගොල්ල එක් කණ්ඩායමක් බවට පත් කළ උන්වහන්සේ හරස් කඩුල්ල වන එදිරිවාදිකමේ මැද බිත්තිය, ස්වකීය මාංසය තුළ බිඳ හෙළුවේ

