එපීස 2:11-14

එපීස 2:11-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින්, කලක් ජන්මයෙන් ඔබ අන්‍ය-ජාතික ව සිටියදී, තමන් “චර්මඡේදිත” යයි තමන් ම කියා ගත්තවුන් විසින් “චර්ම-අඡේදිතයන්” ලෙස ඔබ හඳුන්වනු ලැබූ අවදිය සිහි කරන්න. (චර්ම-ඡේදනය මිනිස් අතින් මාංසයෙහි කරන ලද දෙයකි) එකල ඔබ ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් ව, ඉශ්‍රායෙල් පුරවැසි භාවයට පිටස්තරයින් ව, පොරොන්දුවේ ගිවිසුම්වලට පරදේශික ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන්වහන්සේගෙන් තොර ව ලෝකයේ සිටි හැටි සිහි කරන්න. එහෙත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දැන්! වරක් දුරස්ථ ව සිටි ඔබ, ක්‍රිස්තුස්වහන්සේගේ ලේවලින් ළං කරනු ලැබ ඇත. මන්ද අපගේ සාමය උන්වහන්සේ ම ය; අප දෙගොල්ල එක් කණ්ඩායමක් බවට පත් කළ උන්වහන්සේ හරස් කඩුල්ල වන එදිරිවාදිකමේ මැද බිත්තිය, ස්වකීය මාංසය තුළ බිඳ හෙළුවේ

බෙදාගන්න
එපීස 2 කියවන්න

එපීස 2:11-14 Sinhala Revised Old Version (SROV)

එහෙයින් පෙර කාලයේදීම මාංසයෙන් අන්‍යජාතිකයන්ව සිටියාවූ, අතින් මාංසයෙහි කරනලද චර්මඡේද්‍යය ඇත්තන් විසින් අචර්මජේදිතයෝයයි කියනලද්දාවූ නුඹලා, ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න. නුමුත් වරක් දුර සිටියාවූ නුඹලා දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ළංකරනු ලැබුවහුය. මක්නිසාද වෙන්කිරීමේ මැද බික්තිය බිඳදමා, ඒ සතුරුකම නැමති නියෝගවල අන්තර්ගතවූ ආඥාවල ව්‍යවස්ථාව තමන්ගේ මාංසයෙන් නැතිකොට

බෙදාගන්න
එපීස 2 කියවන්න

එපීස 2:11-14 Sinhala New Revised Version (NRSV)

එබැවින් ඔබේ පෙර තත්ත්වය සිහි කරන්න. ඒ කාලයේ දී ඔබ ශාරීරික ලකුණක් නොලත් බැවින් විජාතිකයෝව සිටියහු ය. බාහිර පිළිවෙතක් නිසා තුමූ චර්මඡේදිතයෝ යයි කියාගත් අය විසින් ඔබ අචර්මඡේදිතයෝ යයි අවමන් කරනු ලැබුවහු ය. තවද ඒ කාලයේ දී ඔබ ක්‍රිස්තුන් වහන්සේ නැති ව, තෝරාගත් ඉශ්රායෙල් ජාතියෙන් බැහැර ව, පොරොන්දුවේ ගිවිසුම්වල පංගුකාරකමක් නොමැති ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන් වහන්සේගෙන් ඉවත් ව, ලෝකයෙහි ජීවත් වූ බව සිහි කරන්න. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ තුළින්, වරක් දුර සිටියා වූ ඔබ, දැන් උන් වහන්සේගේ දිවි පිදීම කරණකොටගෙන ළං කරනු ලැබුවහු ය. ජුදෙව්වරුන් හා විජාතිකයන් එක්කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන් වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ, ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමූ සේක.

බෙදාගන්න
එපීස 2 කියවන්න

එපීස 2:11-14 Sinhala New Revised Version 2018 (SNRV)