දේශනාකරු 5:17-20

දේශනාකරු 5:17-20 SCV

ඔහුගේ ජීවිතයේ සියලු දවස් දැඩි සාංකාවෙන් ද රෝගයෙන් හා කෝපයෙන් ද යුතු ව ඔහු අන්ධකාරයෙහි වළඳන්නේ ය. දෙවියන්වහන්සේ කෙනකුට දෙන ඔහුගේ ජීවිතයේ සියලු දවස්හි දී කා බී සෑහී, හිරු යටදී වෙහෙසී ඔහු කරන වැඩ කටයුතුවලින් සෑහීමට පත්වීම හොඳ ය, සුදුසු ය යන්න මම අවබෝධ කර ගතිමි. ඔහුගේ පංගු කොටස එයයි. තවද දෙවියන්වහන්සේ යම් කෙනකුට ධනය හා සම්පත් ද ඒවා භුක්ති විඳීමේ හැකියාව ද තම පංගු කොටස පිළිගෙන, තම වැඩ කටයුතු ගැන ප්‍රීතිවීම ද ලබා දෙන්නේ නම්, එය දෙවියන්වහන්සේගේ දීමනාවකි. දෙවියන්වහන්සේ ම ඔහුගේ හදවත ප්‍රමෝදයෙන් පුරවා ඇති බැවින්, තම ජීවිත දවස් ගැන වඩා කල්පනා කිරීමට ඔහුට සිදු නො වේ.

මෙයට අදාළ වීඩියෝ

දේශනාකරු 5:17-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය