ධර්මදේශකයා 5:17-20
ධර්මදේශකයා 5:17-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහුගේ ජීවිතයේ සියලු දවස් දැඩි සාංකාවෙන් ද රෝගයෙන් හා කෝපයෙන් ද යුතු ව ඔහු අන්ධකාරයෙහි වළඳන්නේ ය. දෙවියන්වහන්සේ කෙනකුට දෙන ඔහුගේ ජීවිතයේ සියලු දවස්හි දී කා බී සෑහී, හිරු යටදී වෙහෙසී ඔහු කරන වැඩ කටයුතුවලින් සෑහීමට පත්වීම හොඳ ය, සුදුසු ය යන්න මම අවබෝධ කර ගතිමි. ඔහුගේ පංගු කොටස එයයි. තවද දෙවියන්වහන්සේ යම් කෙනකුට ධනය හා සම්පත් ද ඒවා භුක්ති විඳීමේ හැකියාව ද තම පංගු කොටස පිළිගෙන, තම වැඩ කටයුතු ගැන ප්‍රීතිවීම ද ලබා දෙන්නේ නම්, එය දෙවියන්වහන්සේගේ දීමනාවකි. දෙවියන්වහන්සේ ම ඔහුගේ හදවත ප්‍රමෝදයෙන් පුරවා ඇති බැවින්, තම ජීවිත දවස් ගැන වඩා කල්පනා කිරීමට ඔහුට සිදු නො වේ.
ධර්මදේශකයා 5:17-20 Sinhala Revised Old Version (SROV)
ඔහුගේ සියලු දවස්වල ඔහු අන්ධකාරයෙහි කෑම කන්නේය, ඔහුට තද දුකද වේදනාවද කෝපයද තිබේ. බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිඳීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය. තවද දෙවියන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට වස්තුද සම්පත්ද දී, ඒවා භුක්තිවිඳින්ටත් තමාගේ කොටස රැගෙන තමාගේ වැඩෙන් ප්‍රීතිවෙන්ටත් බලය දී තිබේද? එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය. මක්නිසාද ඔහුගේ සිතේ ප්‍රීතිය තැබීමෙන් දෙවියන්වහන්සේ ඔහුට උත්තරදෙන බැවින් ඔහු තමාගේ ජීවිතයේ දවස් වඩා සිහිකරන්නේ නැත.
ධර්මදේශකයා 5:17-20 Sinhala New Revised Version (NRSV)
ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත. මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ ඉරණම එය වේ. තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥා විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ප්‍රීතිය දී ඇති බැවින්, කෙටි ජීවිතයක් ගැන ඔහුට කරදරයක් නැත.
ධර්මදේශකයා 5:17-20 Sinhala New Revised Version 2018 (SNRV)
ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත. මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ හිමි කොටස එය වේ. තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥ විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ප්‍රීතිය දී ඇති බැවින්, කෙටි ජීවිතයක් ගැන ඔහුට කරදරයක් නැත.
ධර්මදේශකයා 5:17-20 New International Version (NIV)
All their days they eat in darkness, with great frustration, affliction and anger. This is what I have observed to be good: that it is appropriate for a person to eat, to drink and to find satisfaction in their toilsome labor under the sun during the few days of life God has given them—for this is their lot. Moreover, when God gives someone wealth and possessions, and the ability to enjoy them, to accept their lot and be happy in their toil—this is a gift of God. They seldom reflect on the days of their life, because God keeps them occupied with gladness of heart.