ඉන්පසු මෝසෙස්, යෙරිකෝවෙන් මෙගොඩ මෝවබ් තැන්නේ සිට, නෙබෝ කන්දේ පිස්ගා කඳු මුඳුනට නැංගේ ය. එහිදී ස්වාමින්වහන්සේ ඔහුට මුළු දේශය ම පෙන් වූ සේක. ගිලියාද් සිට දාන් දක්වා, නෆ්තලී මුළු පෙදෙස ද එප්‍රායිම් හා මනස්සේ පළාත ද බටහිර මුහුද තෙක් විහිදි මුළු යූදා දේශය ද නෙගෙබ් ද ඉඳි ගස් නුවර වන යෙරිකෝවේ මිටියාවත ද සොවර් දක්වා ද පෙන් වූ සේක. ඉන්පසු ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “ ‘ඔබෙන් පැවත එන්නන්ට මෙය දෙන්නෙමැ’ යි කියා ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද මා දිවුරා පොරොන්දු වූ දේශය මෙයයි. ඔබේ ම ඇස්වලින් ඔබට එය දකින්නට සැලැස්වීමි. එහෙත්, ඔබ එහි එතෙර ව යන්නේ නැතැ” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, මෝවබ්හි එම ස්ථානයේදී මියැදිණි. මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට වූ මිටියාවතෙහි උන්වහන්සේ ඔහු භූමදාන කළ සේක. එහෙත් ඔහුගේ සොහොන කොතැනකදැයි මේ දක්වාත් කිසිවකු නො දනී. මෝසෙස් මියෙන විට එකසිය විසි වසක් වියැති ව සිටියේ නමුදු ඔහුගේ ඇස් පෙනීම දුබල නො විණ; ඔහුගේ සවි ශක්තිය හීන නො විණ. හඬා-වැලපෙන කාලය වන තිස් දවසක් ඉක්මෙන තෙක්, ඉශ්‍රායෙල්වරු මෝවබ් තැන්නෙහි දී මෝසෙස් උදෙසා ශෝක වූහ. නූන්ගේ පුත් යෝෂුවා මත මෝසෙස් අත් තබා තිබූ බැවින්, යෝෂුවා ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ විය. එබැවින් යෝෂුවාට සවන් දුන් ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි ක්‍රියා කළහ.
ද්විතීය 34 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 34:1-9
5 Days
Have you ever wondered why God didn’t allow Moses to enter the Promised Land? This 5-day devotional explores the heart of Moses’ story, revealing lessons on obedience, holiness, leadership, and the grace of God. Through Scripture and reflection, you’ll discover how even our failures can’t stop God's greater plan—and how His mercy always points us toward the true Promised Land found in Christ.
8 Days
Confidence is an 8-day journey with Sanctus Real on facing the giants of our lives. Our lives can feel overwhelming; uncertainty stalks at every turner. But we have something greater than these moments of fear: rather, we have some One! Our confidence is not in the systems that surround and govern our lives. Our Confidence is in Jesus and His promise that He is always with us.
In the darkness a light shines. John’s Gospel highlights seven statements that Jesus makes about himself that reveal to us who he is, why he came, and why that matters to us. As you read through Old Testament passages and discover who Jesus is, may it comfort you and may it help you think of and pray for those who have yet to hear about the Light of the world.
30 Days
Just as shelves bring order to a closet, this Bible plan builds a powerful framework to clarify and connect our understanding of the events of the Bible as a whole. Each day becomes a shelf—organizing epic moments, unforgettable characters, the unfolding drama of God’s Word. Together, we will step into His unrelenting redemptive plan as our own story is woven into the Lord’s glorious plan.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ