ද්විතීය 15:1-6

ද්විතීය 15:1-6 SCV

සෑම හත් වසරක් කෙළවරදී ඔබ, ණය අවලංගු කළ යුතු ය. එය කළ යුත්තේ මෙසේයි: හැම ණය හිමියෙක් ම තම සහෝදර අසල්වැසියාට දී තිබූ ණය අවලංගු කළ යුතු ය. ස්වාමින්වහන්සේගේ ණය කපා හැරීම ප්‍රකාශ කර ඇති බැවින්, තම සහෝදරයාට, තම අසල්වැසියාට ණය ඉල්ලා බල කිරීම නො කළ යුතු ය. ණය ගෙවන ලෙස විදෙස්සකුට බල කිරීමට ඔබට පුළුවන. එහෙත් ඔබේ සහෝදර ජනයාගේ කෙනකුගෙන් ඔබට අය විය යුතු කවර ණයක් වුව ඔබ කපා හැරිය යුතු ය. කෙසේ වුව ද ඔබ අතරේ දිළිඳුන් නො සිටිය යුතු ය. මන්ද ඔබට උරුමයක් කොට හිමි කර ගන්නට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙහි උන්වහන්සේ ඔබට මහත් සේ ආශිර්වාද කරන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට ඔබ සපුරාම කීකරු වෙමින්, අද මා ඔබට ආඥා කරන මේ සියලු ආඥා පිළිපැදීමට ඔබ පරෙස්සම් වුවහොත් පමණි. පොරොන්දු වූ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්, බොහෝ ජාතීන්ට ඔබ ණයට දෙනු ඇත. එහෙත් කිසිවකුගෙන්වත් ණයට ගන්නේ නැත. ඔබ බොහෝ ජාතීන් පාලනය කරනු ඇත. එහෙත් ඔවුන් ඔබ පාලනය කරනු නැත.