හදිසියේ ම, මිනිස් අතක ඇඟිලි පෙනී, රජ මාලිගයේ පහන් රුක අසල බිත්තියේ හුණු බදාම මත යමක් ලීවේ ය. එම අතින් ලියන අයුරු රජු බලා සිටියේ ය. රජුගේ මුහුණ සුදුමැලි විය; ඔහුගේ සිතුවිලි ඔහු තැති ගැන්වී ය. ඔහුගේ දණහිස් එකටෙක වැදෙමින් ඔහුගේ දෙකකුල් වාරු නැති විය. එවිට රජු මොර ගසා කතා කරමින්, මන්තරකරුවන් ද කල්දිවරයින් හා නක්ෂත්‍රඥයින් ද කැඳවා, බබිලෝනියේ ප්‍රාඥයින්ට කතා කොට, “මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට කියා දිය හැකි තැනැත්තා රාජකීය දම් පැහැ ඇඳුමින් හඳවනු ලැබ, ගෙල වටා රන් දමක් පලඳවනු ලැබ, රාජ්‍යය පාලනයේ තුන්වැන්නා බවට පත් කෙරේ” යි පැවසී ය. එවිට රජුගේ සියලු ප්‍රාඥයින් පැමිණි නමුදු, ඒ ලියා ඇති දෑ කියවීමට හෝ එහි අර්ථය රජුට කියා දීමට ඔවුනට නො හැකි විය. එබැවින් බේල්ෂසර් රජ වඩ වඩා බය විය. ඔහුගේ මුහුණ වඩාත් සුදුමැලි විය. ඔහුගේ වංශවත්හු ද වියවුල් වූහ. රජුගේ හා ඔහුගේ වංශවතුන්ගේ කතා හඬ අසා, මවු බිසෝ තොමෝ උත්සව ශාලාවට ආවා ය. මව් බිසොව කතා කරමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! ඔබේ සිතුවිලිවලින් කැලඹෙන්නවත්, ඔතරම් සුදුමැලි වන්නවත් එපා. ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් තමා තුළ ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටී. ඔබේ පියාණන්ගේ කාලයේ මොහු වෙත තීක්ෂණ බුද්ධියත්, දැන උගත්කමත්, දෙවිවරුන්ගේ බඳු ප්‍රඥාවත් ඇති වග දැන ගත්තා. ඔබේ පියාණන් වූ නෙබුකද්නෙසර් රජ, ඔබේ පියරජතුමා, ඉන්ද්‍රජාලිකයින්ගේ ද මන්ත්‍රකරුවන්ගේ ද කල්දිවරුන්ගේ ද නක්ෂත්‍රඥයින්ගේ ද ප්‍රධානියා කර, ඔහු පත් කළා. රජු විසින් බේල්ටෙෂසර් නමින් හැඳින් වූ මේ මනුෂ්‍යයා, දානියෙල් තියුණු මනසක්, දැනගැන්ම හා වැටහීම ඇත්තකු පමණක් නො ව, සිහින අරුත් පහදා දීමේ ද ප්‍රහේලිකාව බේරුම් කිරීමේ ද අසීරු ගැටලු විසඳීමේ ද සමතෙක්. දානියෙල් කැඳවන්න; මේ ලියා ඇති අකුරුවල අර්ථය ඔහු ඔබට කියා දේවි” යි කීවා ය.
දානියෙල් 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: දානියෙල් 5:5-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ