දානියෙල් 2:4-7

දානියෙල් 2:4-7 SCV

එවිට අරාම් බසින් රජු ඇමතූ කල්දිවරු, “සැම කල් දිනේවා අහෝ රජතුමනි! ඔබේ සේවකයින්ට සිහිනය පවසන්න. එවිට අපි එහි අරුත කියා දෙන්නෙමු” යි කීවෝ ය. රජු කල්දිවරුන්ට පිළිතුරු දෙමින්, “නියතයෙන් ම මගේ වචනය ස්ථිරයි. මගේ සිහිනය කුමක් ද යන්නත්, එහි තේරුම කුමක් ද යන්නත් නුඹලා මට නො කීවොත් අවයවයෙන් අවයවය නුඹලාගෙන් ඉරා දමනු ලැබේ. නුඹලාගේ නිවෙස් ද සුන්බුන් ගොඩවල් බවට පත් කෙරේ. එහෙත් නුඹලා මට සිහිනය පවසා, එය පහදා දුනහොත් නුඹලාට මගේ ත්‍යාග ද පාරිතෝෂ ද ඉමහත් ගෞරවයක් ද ලැබේ. එබැවින් දැන් සිහිනය මට පවසා, එහි අරුත් පහදා දෙනු” යි පැවසී ය. ඔවුහු දෙවන වරටත් රජුට පිළිතුරු දෙමින්, “රජතුමා තම සේවකයිනට සිහිනය පවසත්වා! එවිට අපි එහි අර්ථය පහදා දෙන්නෙමු” යි කීහ.