දානියෙල් 2:27-30

දානියෙල් 2:27-30 SCV

දානියෙල් පිළිතුරු දෙමින්, “රජතුමා අසා ඇති අබිරහස පැහැදිලි කරන්නට සමත් පඬිවරයකු, මන්ත්‍රකරුවකු, ඉන්ද්‍රජාලිකයකු හෝ නක්ෂත්‍රඥයකු නැත. එහෙත්, අබිරහස් එළිදරවු කරන දෙවියන්වහන්සේ කෙනකු ස්වර්ගයෙහි සිටින සේක. මතු දවස්හි සිදු වන්නට යන දේ කවරේදැයි උන්වහන්සේ නෙබුකද්නෙසර් රජුට හෙළි කර ඇත. ඔබේ යහනෙහි ඔබ සැතපී සිටියදී, ඔබේ මනසේ ඇඳුණු ඔබේ සිහිනය හා දර්ශන මෙසේ ය; “අහෝ රජතුමනි, ඔබ ඔබේ යහනේ දිගා වී සිටියදී, ඔබේ සිතුවිලි, මෙයින් පසු සිදුවන දෑ වෙත හැරිණි. සිදු වන්නට යන දෑ කවරේදැයි අබිරහස් එළිදරවුකරුවාණන් ඔබට පෙන්වා දී ඇත. මේ අබිරහස මට එළිදරවු කරනු ලැබ ඇත්තේ, ජීවත් වන අනෙක් මිනිසුන්ට වඩා මහා ප්‍රඥාවක් මට ඇති නිසා නො වේ. අහෝ රජතුමනි, මෙහි අර්ථය ඔබ දැනගන්නා පිණිසත්, ඔබේ මනසේ මැවුණු දෑ කවරේදැයි ඔබ වටහා ගන්න පිණිසත් ය.

මෙයට අදාළ වීඩියෝ