දානියෙල් 2:24-26
දානියෙල් 2:24-26 SCV
ඉන්පසු දානියෙල්, අරියොක් වෙත ගියේ ය. බබිලෝනියේ ප්‍රාඥයින් මරා දැමීමට රජු විසින් පත් කරනු ලැබ සිටියේ ඔහු ය. ගොස්, ඔහු ඇමතූ දානියෙල්, “බබිලෝනියේ ප්‍රඥාවන්තයින් මරණයට පත් කරන්න එපා. රජු වෙත මා ගෙන යන්න. මම රජුට ඔහුගේ සිහිනයේ අර්ථය පහදා දෙන්නෙමි” යි කීවේ ය. එකල රජු ඉදිරියට වහා දානියෙල් කැඳවාගෙන ගිය අරියොක්, රජු අමතමින්, “රජතුමාගේ සිහිනයේ අර්ථය පෙන්වා දිය හැකි කෙනකු යූදා රටේ පිටුවහලුන් අතරේ මට හමු වුණා” යි කීවේ ය. බේල්ටෙෂසර් යනුවෙන් හැඳින්වුණු දානියෙල් ඇමතූ රජු, “මගේ සිහිනයේදී මා දුටු දෑ මට කියා, එහි අරුත් පහදා දෙන්නට ඔබට හැකි දැ?” යි ඇසී ය.

