කොලොස්සි 2:6-10

කොලොස්සි 2:6-10 SCV

එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමියාණන් වශයෙන් පිළිගත් ලෙස ම උන්වහන්සේ තුළ ජීවත් වන්න; උන්වහන්සේ තුළ මුල් ඇද, ගොඩ නගනු ලැබ, ඔබට ඉගැන් වූ පරිදි ඇදහිල්ලේ සවිමත් ව සිට, බෙහෙවින් තුති දෙමින් එසේ කරන්න. ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. මන්ද උන්වහන්සේ තුළ පූර්ණ දේවත්වය මුළුමනින් ශරීරාකාරයෙන් වාසය කරයි. හැම පාලනයකට හා ආධිපත්‍යයකට ඉහළින් හිස ව සිටින ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබත් පූර්ණත්වය ලැබ සිටිති.

කොලොස්සි 2:6-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය