ආමෝස් 7:10-17

ආමෝස් 7:10-17 SCV

එකල, බෙතෙල්හි පූජක අමසියා, ඉශ්‍රායෙල් රජු වන යෙරොබොවම් වෙත පණිවුඩයක් යවමින්, “ආමෝස්, ඔබට එරෙහිව මේ ඉශ්‍රායෙල් වංශය අතරේ කුමන්ත්‍රණයක් දියත් කරයි. ඔහුගේ සියලු වචන දේශයට දරන්නට බැරි ය. ආමෝස් කියා ඇත්තේ: “ ‘යෙරොබොවම් කඩු පහරින් මියෙනු ඇත; ඉශ්‍රායෙල් තමන්ගේ මවු බිමෙන් පිටතට, වහල්කමට යා යුතු ව ඇත යනුවෙනි’ යි” පැවසී ය. එවිට, ආමෝස් ඇමතූ අමසියා, “ඒයි පේනකාරයා, මෙහෙන් පලා යනු. යූදා දේශයට ආපසු ගොස්, එහිදී රොටි කනු. එහිදී ම නුඹේ දිවැසි වැකි පවසනු. එහෙත් මේ බෙතෙල්හි කිසි දින දිවැසි වැකි නො පවසනු. මන්ද මෙය රජ්ජුරුවන්ගේ ශුද්ධස්ථානයයි; රාජධානියේ දේව මන්දිරය යැ” යි කීවේ ය. එවිට, ආමෝස්, අමසියාට පිළිතුරු දෙමින්, “මම දිවැසිවරයෙක් හෝ දිවැසිවරයකුගේ පුතෙක් හෝ නො වෙමි. මම එඬේරෙක්මි; අත්තික්කා ගස් රැකබලාගන්නෙක්මි. එහෙත් ස්වාමින්වහන්සේ එළු බැටළු රැක්මෙන් පිටතට මා රැගෙන, ‘යන්න! මගේ ජනතාව වන ඉශ්‍රායෙල්වරුනට දිවැසි වැකි පවසන්නැ’ යි ස්වාමින්වහන්සේ ම කී සේක. එබැවින් දැන් ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ඔබ මට කියන්නේ, “ ‘ඉශ්‍රායෙලයට එරෙහිව දිවැසි වැකි නො කියනු, ඊසාක් වංශයට එරෙහිව දේශනා කිරීම නවතනු කියා ය.’ “එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ ‘නුඹේ බිරිඳ මෙපුර තුළ වෙසඟනක වනු ඇත; නුඹේ පුතුන් හා නුඹේ දූවරුන් කඩුවට බිලි වනු ඇත; නුඹේ දේශයේ ඉඩම් මැන, බෙදා දෙනු ලැබේ. නුඹත්, අපවිත්‍ර රටකදී මියෙන්නේ ය; ඉශ්‍රායෙල් නියතයෙන් ම තමන්ගේ රටෙන් පිටතට, වහල්කමට යනු ඇතැ’ යි” පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

ආමෝස් 7:10-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය