ආමොස් 7:10-17
ආමොස් 7:10-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල, බෙතෙල්හි පූජක අමසියා, ඉශ්‍රායෙල් රජු වන යෙරොබොවම් වෙත පණිවුඩයක් යවමින්, “ආමෝස්, ඔබට එරෙහිව මේ ඉශ්‍රායෙල් වංශය අතරේ කුමන්ත්‍රණයක් දියත් කරයි. ඔහුගේ සියලු වචන දේශයට දරන්නට බැරි ය. ආමෝස් කියා ඇත්තේ: “ ‘යෙරොබොවම් කඩු පහරින් මියෙනු ඇත; ඉශ්‍රායෙල් තමන්ගේ මවු බිමෙන් පිටතට, වහල්කමට යා යුතු ව ඇත යනුවෙනි’ යි” පැවසී ය. එවිට, ආමෝස් ඇමතූ අමසියා, “ඒයි පේනකාරයා, මෙහෙන් පලා යනු. යූදා දේශයට ආපසු ගොස්, එහිදී රොටි කනු. එහිදී ම නුඹේ දිවැසි වැකි පවසනු. එහෙත් මේ බෙතෙල්හි කිසි දින දිවැසි වැකි නො පවසනු. මන්ද මෙය රජ්ජුරුවන්ගේ ශුද්ධස්ථානයයි; රාජධානියේ දේව මන්දිරය යැ” යි කීවේ ය. එවිට, ආමෝස්, අමසියාට පිළිතුරු දෙමින්, “මම දිවැසිවරයෙක් හෝ දිවැසිවරයකුගේ පුතෙක් හෝ නො වෙමි. මම එඬේරෙක්මි; අත්තික්කා ගස් රැකබලාගන්නෙක්මි. එහෙත් ස්වාමින්වහන්සේ එළු බැටළු රැක්මෙන් පිටතට මා රැගෙන, ‘යන්න! මගේ ජනතාව වන ඉශ්‍රායෙල්වරුනට දිවැසි වැකි පවසන්නැ’ යි ස්වාමින්වහන්සේ ම කී සේක. එබැවින් දැන් ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ඔබ මට කියන්නේ, “ ‘ඉශ්‍රායෙලයට එරෙහිව දිවැසි වැකි නො කියනු, ඊසාක් වංශයට එරෙහිව දේශනා කිරීම නවතනු කියා ය.’ “එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ ‘නුඹේ බිරිඳ මෙපුර තුළ වෙසඟනක වනු ඇත; නුඹේ පුතුන් හා නුඹේ දූවරුන් කඩුවට බිලි වනු ඇත; නුඹේ දේශයේ ඉඩම් මැන, බෙදා දෙනු ලැබේ. නුඹත්, අපවිත්‍ර රටකදී මියෙන්නේ ය; ඉශ්‍රායෙල් නියතයෙන් ම තමන්ගේ රටෙන් පිටතට, වහල්කමට යනු ඇතැ’ යි” පැවසී ය.
ආමොස් 7:10-17 Sinhala Revised Old Version (SROV)
එකල බෙතෙල්හි පූජකවූ අමශියා ඉශ්‍රායෙල්හි රජවූ යෙරොබොවම්ට කියා යවනුයේ: ආමොස් ඔබට විරුද්ධව ඉශ්‍රායෙල් වංශය අතරෙහි කුමන්ත්‍රණයකර තිබේ. ඔහුගේ සියලු වචන දරන්ට දේශයට බැරිය. මක්නිසාද–යෙරොබොවම් කඩුවෙන් මැරෙන්නේය, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ රටෙන් වහල්කමට යනවාම ඇත කියා ආමොස් කීවේයයි කීය. තවද අමශියා ආමොස්ට කථාකොට: එම්බා දර්ශනකාරය, නුඹ යූදා දේශයට පලාගොස්, එහි කෑම කා, එහි අනාගතවාක්‍ය කියන්න. බෙතෙල්හි නම් නැවත තවත් අනාගතවාක්‍ය නොකියන්න. මක්නිසාද එය රජුගේ ශුද්ධස්ථානයය, එය රාජ ගෘහයයයි කීවේය. ආමොස් උත්තරදෙමින්: මම අනාගතවක්තෘ කෙනෙක්වත් අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්‍රයෙක්වත් නොව එඬේරෙක්ව අත්තික්කා ගස් වවන්නෙක්ව සිටියෙමි. නුමුත් බැටළු රැළ පස්සේ යාමෙන් ස්වාමීන්වහන්සේ මා රැගෙන: නුඹ ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අනාගතවාක්‍ය කියන්නැයි මට කීසේක. එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචන අසන්න: ඉශ්‍රායෙල්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්ටවත් ඊසාක්ගේ වංශයට විරුද්ධව වචනයක් කියන්ටවත් එපායයි නුඹ කියන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ භාර්යාව නුවරදී වේශ්‍යාවක් වන්නීය, නුඹේ පුත්‍රයෝද දූවරුද කඩුවෙන් වැටෙන්නෝය, නුඹේ භූමිය ලනුවෙන් බෙදනු ලබන්නේය; නුඹම අපිරිසිදු රටකදී මැරෙන්නෙහිය, ඉශ්‍රායෙල්ද සැබවින්ම තමුන්ගේ දේශයෙන් වහල්කමට යනවාම ඇතැයි අමශියාට කීවේය.
ආමොස් 7:10-17 Sinhala New Revised Version (NRSV)
බෙතෙල්හි පූජක තැන වූ අමසියා ඉශ්රායෙල්හි රජ වූ ජෙරොබෝවම්ට මෙසේ දන්වා යැවී ය: “ආමොස් ඔබට විරුද්ධ ව, ඉශ්රායෙල් ජනයා අතරේ කුමන්ත්‍රණයක් කර තිබේ. ඔහු ප්‍රකාශ කරන දේ නිසා රට විනාශ වන්නේ ය. ‘ජෙරොබෝවම් රජ යුද්ධයේ දී මිය යන්නේ ය’ කියා ද ‘ඉශ්රායෙල් සෙනඟ වහල්කමට ගෙනයනු ලබන්නේ ය’ කියා ද ඔහු ප්‍රකාශ කරයි.” අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න. මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය. එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි. එහෙත්, සමිඳාණන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා, ‘නුඹ ගොස් මාගේ ඉශ්රායෙල් සෙනඟට දිවැස් වැකි දෙසන්නැ’යි මට නියම කළ සේක. එබැවින් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව දිවැස් වැකි කියන්නට වත්, ඊසාක්ගේ දරු පරම්පරාවට විරුද්ධ ව වචනයක් කියන්නට වත් එපා යයි ඔබ කියන්නෙහි ය. ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ “
ආමොස් 7:10-17 Sinhala New Revised Version 2018 (SNRV)
බෙතෙල්හි පූජක තැන වූ අමසියා ඉශ්රායෙල්හි රජ වූ ජෙරොබෝවම්ට මෙසේ දන්වා යැවී ය: “ආමොස් ඔබට විරුද්ධ ව, ඉශ්රායෙල් ජනයා අතරේ කුමන්ත්‍රණයක් කර තිබේ. ඔහු ප්‍රකාශ කරන දේ නිසා රට විනාශ වන්නේ ය. ‘ජෙරොබෝවම් රජ යුද්ධයේ දී මිය යන්නේ ය’ කියා ද ‘ඉශ්රායෙල් සෙනඟ වහල්කමට ගෙනයනු ලබන්නේ ය’ කියා ද ඔහු ප්‍රකාශ කරයි.” අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න. මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය. එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි. එහෙත්, සමිඳාණන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා, ‘නුඹ ගොස් මාගේ ඉශ්රායෙල් සෙනඟට දිවැස් වැකි දෙසන්නැ’යි මට නියම කළ සේක. එබැවින් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව දිවැස් වැකි කියන්නට වත්, ඊසාක්ගේ දරු පරම්පරාවට විරුද්ධ ව වචනයක් කියන්නට වත් එපා යයි ඔබ කියන්නෙහි ය. ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ ”
ආමොස් 7:10-17 New International Version (NIV)
Then Amaziah the priest of Bethel sent a message to Jeroboam king of Israel: “Amos is raising a conspiracy against you in the very heart of Israel. The land cannot bear all his words. For this is what Amos is saying: “ ‘Jeroboam will die by the sword, and Israel will surely go into exile, away from their native land.’ ” Then Amaziah said to Amos, “Get out, you seer! Go back to the land of Judah. Earn your bread there and do your prophesying there. Don’t prophesy anymore at Bethel, because this is the king’s sanctuary and the temple of the kingdom.” Amos answered Amaziah, “I was neither a prophet nor the son of a prophet, but I was a shepherd, and I also took care of sycamore-fig trees. But the LORD took me from tending the flock and said to me, ‘Go, prophesy to my people Israel.’ Now then, hear the word of the LORD. You say, “ ‘Do not prophesy against Israel, and stop preaching against the descendants of Isaac.’ “Therefore this is what the LORD says: “ ‘Your wife will become a prostitute in the city, and your sons and daughters will fall by the sword. Your land will be measured and divided up, and you yourself will die in a pagan country. And Israel will surely go into exile, away from their native land.’ ”