ආමෝස් 5:11-15

ආමෝස් 5:11-15 SCV

එබැවින් නුඹලා දුප්පතුන් පාගා දමමින්, අයුතු-බදු මගින් ඔවුන්ගේ ධාන්‍ය උදුරා ගන්න නිසා නුඹලා ගලින් බැඳි මාලිග තනතත්, ඒවායේ වාසයට නුඹලාට ඉඩ නො ලැබේ; නුඹලා මනරම් මිදි වතු වැව්වත්, ඒ මිදිවල යුෂ බොන්නට නුඹලාට වර නො ලැබේ. මන්ද, නුඹලාගේ අයුතුකම් කොපමණ ද කියාත්, නුඹලාගේ පාප කොතෙක් ඉමහත් ද කියාත් මම දනිමි. දමිටුන්ට පීඩා පමුණුවමින්, අල්ලස් ගන්නා නුඹලා පුර දොරටු අධිකරණයේදී යුක්තිය පෙරළා, දුප්පතුන් පෙළති. එබැවින් නුවණැත්තෝ එකල්හි නිහඬතාව සුරකින්නෝ ය. මන්ද එය නපුරු කාලයක් වන බැවිනි. ඔබ ජීවත් වන පිණිස යහපත කරන්න. නපුර නො වේ. එවිට, ඔබ කියා ඇති පරිදි, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක. නපුරට වෛර කරන්න; යහපතට ප්‍රේම වන්න. පුර දොරටු අධිකරණයේදී යුක්තිය ස්ථාපන කරන්න. එවිට, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යෝසෙප් වංශික ඉතිරි ස්වල්ප දෙනාට දයාන්විත වන සේක.

මෙයට අදාළ වීඩියෝ

ආමෝස් 5:11-15 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය