ආමොස් 5:11-15

ආමොස් 5:11-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් නුඹලා දුප්පතුන් පාගා දමමින්, අයුතු-බදු මගින් ඔවුන්ගේ ධාන්‍ය උදුරා ගන්න නිසා නුඹලා ගලින් බැඳි මාලිග තනතත්, ඒවායේ වාසයට නුඹලාට ඉඩ නො ලැබේ; නුඹලා මනරම් මිදි වතු වැව්වත්, ඒ මිදිවල යුෂ බොන්නට නුඹලාට වර නො ලැබේ. මන්ද, නුඹලාගේ අයුතුකම් කොපමණ ද කියාත්, නුඹලාගේ පාප කොතෙක් ඉමහත් ද කියාත් මම දනිමි. දමිටුන්ට පීඩා පමුණුවමින්, අල්ලස් ගන්නා නුඹලා පුර දොරටු අධිකරණයේදී යුක්තිය පෙරළා, දුප්පතුන් පෙළති. එබැවින් නුවණැත්තෝ එකල්හි නිහඬතාව සුරකින්නෝ ය. මන්ද එය නපුරු කාලයක් වන බැවිනි. ඔබ ජීවත් වන පිණිස යහපත කරන්න. නපුර නො වේ. එවිට, ඔබ කියා ඇති පරිදි, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක. නපුරට වෛර කරන්න; යහපතට ප්‍රේම වන්න. පුර දොරටු අධිකරණයේදී යුක්තිය ස්ථාපන කරන්න. එවිට, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යෝසෙප් වංශික ඉතිරි ස්වල්ප දෙනාට දයාන්විත වන සේක.

ආමොස් 5:11-15 Sinhala Revised Old Version (SROV)

එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය. මක්නිසාද නුඹලාගේ වරදවල් කොපමණ වැඩිව, නුඹලාගේ පාපවල් කොපමණ තදබලව තිබෙනවාද කියාදනිමි; නුඹලා ධර්මිෂ්ඨයාට පීඩාකරන්නහුය, අල්ලසක් ගෙන, යුක්තිය නොකොට දිළිඳුන් දොරටුවෙහි අහක්කරන්නහුය. එබැවින් ඒ කාලය නපුරු නිසා නුවණ ඇත්තා ඒ කාලයෙහි නිශ්ශබ්දව සිටින්නේය. නුඹලා ජීවත්වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමඟ සිටිනසේක. නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.

ආමොස් 5:11-15 Sinhala New Revised Version (NRSV)

ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත. ඔබේ පව් කොපමණ බරපතල ද කියාත්, ඔබේ අපරාධ කොපමණ බහුල ද කියාත් මම දනිමි. නුඹලා දමිටුන්ට පීඩා කරන්නහු ය; අල්ලස් ගෙන උසාවිය මඟින් යුක්තිය ඉටු කරගැනීමට දුප්පතුන්ට ඉඩ නොදෙන්නහු ය. කාලය නපුරු බැවින් නැණැතියෝ වුව ද නිහඬ ව සිටිති. ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමඟ සිටින සේකැ යි ඔබ කියන සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඇත්තෙන් ම ඔබ සමඟ සිටින සේක. නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.

ආමොස් 5:11-15 Sinhala New Revised Version 2018 (SNRV)