ආමෝස් 4:1-5

ආමෝස් 4:1-5 SCV

සමාරි කන්දේ සිටින බාෂාන්-එළ වැස්සියනි, දුප්පතුන්ට පීඩා කරන, දුගියන් තළා-පෙළන, “අපට බොන්නට ගෙනෙන්නැ” යි තම සැමියනට පවසන්නනි, මේ වචනය අසනු. පරමාධිපති ස්වාමින්වහන්සේ ස්වකීය ශුද්ධත්වයෙන් දිවුරා ඇති සේක්: “ඔන්න ඔවුන් නුඹලා කොකුවලින් ඉවත ඇදගෙන යනු ලබන, නුඹලාගේ අන්තිමයා බිලි කටුවකින් ඇදගෙන යනු ලබන කාලයක් ඔන්න, නුඹලා පිට පැමිණෙන්නේ ය. පවුරේ බිඳුම් තුළින් නුඹලා හැම කෙනකු ම පිටතට යනු ඇත. හර්මොන් දෙසට නුඹලා තල්ලු කර දමනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “බෙතෙල් පුරයට එනු; අවුත්, පව් කරනු; ගිල්ගාල්ට ද එනු; වඩ වඩා පව් කරනු; ඔබගේ යාග පූජා හැම උදයක ම ද ඔබගේ දසයෙන් කොටස් තුන් දවසකට වරක් ද ගෙන එනු. ස්තුති දීමනාවක් වශයෙන් මුහුන් මුසු රොටි දවා, ඔබේ ස්වේච්ඡා පූජා ගැන ප්‍රකාශ කරමින්, පුරසාරම් දොඩනු, ඉශ්‍රායෙල් ජනයිනි; මන්ද, නුඹලා කරන්නට ආශා ඒක යැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

මෙයට අදාළ වීඩියෝ

ආමෝස් 4:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය