ආමොස් 4:1-5

ආමොස් 4:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සමාරි කන්දේ සිටින බාෂාන්-එළ වැස්සියනි, දුප්පතුන්ට පීඩා කරන, දුගියන් තළා-පෙළන, “අපට බොන්නට ගෙනෙන්නැ” යි තම සැමියනට පවසන්නනි, මේ වචනය අසනු. පරමාධිපති ස්වාමින්වහන්සේ ස්වකීය ශුද්ධත්වයෙන් දිවුරා ඇති සේක්: “ඔන්න ඔවුන් නුඹලා කොකුවලින් ඉවත ඇදගෙන යනු ලබන, නුඹලාගේ අන්තිමයා බිලි කටුවකින් ඇදගෙන යනු ලබන කාලයක් ඔන්න, නුඹලා පිට පැමිණෙන්නේ ය. පවුරේ බිඳුම් තුළින් නුඹලා හැම කෙනකු ම පිටතට යනු ඇත. හර්මොන් දෙසට නුඹලා තල්ලු කර දමනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “බෙතෙල් පුරයට එනු; අවුත්, පව් කරනු; ගිල්ගාල්ට ද එනු; වඩ වඩා පව් කරනු; ඔබගේ යාග පූජා හැම උදයක ම ද ඔබගේ දසයෙන් කොටස් තුන් දවසකට වරක් ද ගෙන එනු. ස්තුති දීමනාවක් වශයෙන් මුහුන් මුසු රොටි දවා, ඔබේ ස්වේච්ඡා පූජා ගැන ප්‍රකාශ කරමින්, පුරසාරම් දොඩනු, ඉශ්‍රායෙල් ජනයිනි; මන්ද, නුඹලා කරන්නට ආශා ඒක යැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

ආමොස් 4:1-5 Sinhala Revised Old Version (SROV)

සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්නහුය. ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධකම ගැන මෙසේ දිවුරා තිබේ: නුඹලාව කොකුවලින්ද නුඹලාගෙන් පැවත එන්නන් බිලිකටුවලින්ද අහකට ගෙනයන දවස් නුඹලා පිටට පැමිණෙන්නේය. නුඹලා කපොලුවලින් එක එකා තම තමා ඉදිරිපිටින් පිටත්ව යන්නහුය; නුඹලා හාර්මොන්ට විසිකරනු ලබන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. බෙතෙල්ට ඇවිත් වරදකරන්න; ගිල්ගාල්හි බොහෝසෙයින් වරදකොට, හැම උදයම නුඹලාගේ පූජාද තුන් දවසකට වරක් නුඹලාගේ ඔතුද ගෙනෙන්න; මුහුන් මිශ්‍රවූ ස්තුති පූජාවකුත් ඔප්පුකර, ස්වෙච්ඡා පූජා ගැනත් මොරගසා ප්‍රකාශකරන්න. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා ඊට ප්‍රියයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක

ආමොස් 4:1-5 Sinhala New Revised Version (NRSV)

සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තම ශුද්ධ නාමයෙන් මෙසේ දිවුරන සේක: “නුඹලා කොකුවලින් ඇදගෙන යනු ලබන දවස පැමිණෙනු සිකුරු ය. නුඹලාගේ හැම කෙනෙක් ම බිලි කටුවේ ඇමුණු මාලුවෙකු මෙන් වන්නෝ ය. තාප්ප කපොලුවලින් එක එකා ඇදගනු ලැබ, කුණු කසළ ගොඩක් මත වීසි කරදමනු ඇත.” මෙය වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය. “බෙතෙල්හි සිද්ධස්ථානයට ගොස් පව් කරනු; ගිල්ගාලයට ගොස් මුළු වීරියෙන් පව් කරනු; උදයක් උදයක් පාසා පූජාකිරීමට සතුන් ගෙනෙනු; තෙදිනකට වරක් නුඹලාගේ දසයෙන් එකේ පූජා ගෙනෙනු. මුහුන් මුසු තුති පූජා ඔප්පුකර, ස්වේච්ඡා පූජා ගැන පුරසාරම් දොඩන්න. මන්ද, ඉශ්රායෙල් ජනයෙනි, මෙවැනි දේ කිරීමට නුඹලා බොහෝ සේ කැමැති ය”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.

ආමොස් 4:1-5 Sinhala New Revised Version 2018 (SNRV)