ආමෝස් 3:1-8

ආමෝස් 3:1-8 SCV

එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, නුඹලාට එරෙහිව, ඊජිප්තු දේශයෙන් පිටතට මවිසින් ගෙන එන ලද මුළු පෙළපතට එරෙහිව, ස්වාමින්වහන්සේ පැවසූ මෙවදන්වලට සවන් දෙන්න: “මේ මහ පොළොවේ සියලු පෙළපත් අතරින් මගේ පළමු තේරීම වූයේ ඔබ පමණ ය. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම්වලට මම නුඹලාට දඬුවම් කරමි.” දෙදෙනකු එකඟ ව සිට තිබුණොත් මිස එක් ව ගමනක් යා ද? සිංහයකු ගොදුරක් නැති විටෙක, වන පෙතේ ගර්ජනා කරයි ද? ගොදුරක් හසු නො වූ විටෙක, සිංහයකු තම ලෙන තුළ ගොරවයි ද? උගුලට ඇමක් අටවා නැති විටෙක, කුරුල්ලකු එහි හසු වේ ද? උගුලට යමක් හසු නො වූ විටෙක, හබකක් බිමින් ගැස්සෙයි ද? පුරවරයක යුද්ධ හොරණෑ හැඬවෙන කල, එපුර වැසියන් තැති නො ගනී ද? ස්වාමින්වහන්සේ නො කළ සේක් නම්, පුරවරයකට විපත්තිය පැමිණේ ද? මන්ද තම සේවකයින් වන දිවැසිවරුනට තම රහස හෙළි නො කර, පරමාධිපති ස්වාමින්වහන්සේ කිසිවක් කරන්නේ නැත. සිංහයා ගර්ජනා කළේ ය. භය නො වන්නේ කවුරු ද? පරමාධිපති ස්වාමින්වහන්සේ කතා කළ සේක. දිවැසි වැකි නො පවසන්නේ කවුරු ද?

මෙයට අදාළ වීඩියෝ

ආමෝස් 3:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය