ක්‍රියා 17:5-9

ක්‍රියා 17:5-9 SCV

එහෙත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් යුතු ව, මග තොට හුන් මැරවරයින් කීප දෙනෙක් කැඳවා, දාමරික කල්ලියක් හදා නගරය තුළ කැලඹීම් ඇති කරන්නට වන්හ. ඔවුහු පාවුල් හා සීලස් අල්ලා, සමූහයා ඉදිරියට ගෙන යෑමේ අදිටනින් ඔවුන් සොයා ජේසන්ගේ නිවසට කඩා වැදුණහ. එහෙත් එහිදී ඔවුන් හමු නො වූ බැවින්, ඔවුහු ජේසන් ද සහෝදරයින් තවත් කීප දෙනකු ද අල්ලා, නගර බලධාරීන් වෙත ඔවුන් ගෙන යමින් කෑ මොර දෙන්නට වන්හ, “ලොව හැම තැන පෙරළි ඇති කළ මිනිස්සු මෙන්න! දැන් මෙහාටත් ඇවිල්ලා. මේ ජේසන් ඔහුගේ නිවසේ ම ඔවුන්ට නවාතැන් දීලා. මොවුන් සැවොම සීසර්ගේ නියෝගවලට විරුද්ධ ව යේසුස් නමින් වෙනත් රජෙක් ඇතැයි කියනවා” යි කීහ. ඒ ඇසූ ජන සමූහයා ද නගර බලධාරීහු ද මහත් ගාලගෝට්ටියකට මැදි වූහ. ඉන්පසු නගර බලධාරීහු ජේසන්ගෙන් හා අනෙක් සහෝදරයින්ගෙන් ඇප-මුදල් ගෙන ඔවුන් නිදහස් කළහ.