ක්‍රියා 17:5-9
ක්‍රියා 17:5-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් යුතු ව, මග තොට හුන් මැරවරයින් කීප දෙනෙක් කැඳවා, දාමරික කල්ලියක් හදා නගරය තුළ කැලඹීම් ඇති කරන්නට වන්හ. ඔවුහු පාවුල් හා සීලස් අල්ලා, සමූහයා ඉදිරියට ගෙන යෑමේ අදිටනින් ඔවුන් සොයා ජේසන්ගේ නිවසට කඩා වැදුණහ. එහෙත් එහිදී ඔවුන් හමු නො වූ බැවින්, ඔවුහු ජේසන් ද සහෝදරයින් තවත් කීප දෙනකු ද අල්ලා, නගර බලධාරීන් වෙත ඔවුන් ගෙන යමින් කෑ මොර දෙන්නට වන්හ, “ලොව හැම තැන පෙරළි ඇති කළ මිනිස්සු මෙන්න! දැන් මෙහාටත් ඇවිල්ලා. මේ ජේසන් ඔහුගේ නිවසේ ම ඔවුන්ට නවාතැන් දීලා. මොවුන් සැවොම සීසර්ගේ නියෝගවලට විරුද්ධ ව යේසුස් නමින් වෙනත් රජෙක් ඇතැයි කියනවා” යි කීහ. ඒ ඇසූ ජන සමූහයා ද නගර බලධාරීහු ද මහත් ගාලගෝට්ටියකට මැදි වූහ. ඉන්පසු නගර බලධාරීහු ජේසන්ගෙන් හා අනෙක් සහෝදරයින්ගෙන් ඇප-මුදල් ගෙන ඔවුන් නිදහස් කළහ.
ක්‍රියා 17:5-9 Sinhala Revised Old Version (SROV)
නුමුත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, අධමයන් අතරෙන් සමහර අසත්පුරුෂයන් කැඳවාගන, සමූහයක් රැස්කරවා, නුවර කලඹා යාසොන්ගේ ගේ ළඟට පැමිණ, සමූහයා වෙතට ඔවුන් පිටතට ගෙනෙන්ට තැත්කළෝය. නුමුත් ඔව්හු ඔවුන් සොයා නොදැක, යාසොන් සහ සමහර සහෝදරයන්ද නුවර මුලාදෑනීන් ළඟට ඇදගන ගොස්: ලෝකය පෙරළුවාවූ මොව්හු මෙහිත් ඇවිත් සිටිති; යාසොන් ඔවුන් පිළිගත්තේය. මොවුන් සියල්ලෝද යේසුස් නම් අන් රජෙක් ඇතැයි කියා කායිසර්ගේ නියෝගවලට විරුද්ධව ක්‍රියාකරතියි මොරගසා කියමින්, මේ කාරණා ඇසූ සමූහයාද නුවර මුලාදෑනීන්ද කැලඹෙවුවෝය. ඔව්හු යාසොන්ගෙන්ද අනික් අයවලුන්ගෙන්ද ඇප ගෙන ඔවුන් යන්ට ඇරියෝය.
ක්‍රියා 17:5-9 Sinhala New Revised Version (NRSV)
එහෙත් ජුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, රස්තියාදුකාරයන් අතරෙන් සමහර මැරවරයන් කැඳවාගෙන, සෙනඟ රැස් කර, නුවර කළඹා, ජාසොන්ගේ නිවස ළඟට පැමිණ, පාවුලු සහ සීලස් ඉන් පිට කර ජනකාය මැදට ගෙන්වා ගන්නට තැත් කළහ. එහෙත් ඒ දෙදෙනා සොයා ගත නොහැකි වූ බැවින්, ඒ වෙනුවට ජාසොන් සහ සමහර සහෝදරයන් ද, නුවර මුළාදෑනීන් ළඟට ඇද ගෙන ගොස්, “ලෝකය පෙරලූ මේ අය මෙහි ද පැමිණ සිටිති; ජාසොන් ඔවුන් පිළිගත්තේ ය. මොවුහු සියල්ලෝ ජේසුස් නම් වෙන රජෙක් ඇතැ යි කියා, සීසර් අධිරාජයාගේ නියෝගවලට විරුද්ධ ව ක්‍රියා කරති”යි මොරගසා කී හ. මේ ඇසූ සමූහයා ද නුවර මුළාදෑනිහු ද කැළඹුණාහ. ඔව්හු ජාසොන් ද අනෙක් අය ද ඇප පිට නිදහස් කළහ.
ක්‍රියා 17:5-9 Sinhala New Revised Version 2018 (SNRV)

ක්‍රියා 17:5-9 New International Version (NIV)
But other Jews were jealous; so they rounded up some bad characters from the marketplace, formed a mob and started a riot in the city. They rushed to Jason’s house in search of Paul and Silas in order to bring them out to the crowd. But when they did not find them, they dragged Jason and some other believers before the city officials, shouting: “These men who have caused trouble all over the world have now come here, and Jason has welcomed them into his house. They are all defying Caesar’s decrees, saying that there is another king, one called Jesus.” When they heard this, the crowd and the city officials were thrown into turmoil. Then they made Jason and the others post bond and let them go.