2 තිමෝති 4
4
1දෙවියන්වහන්සේ ඉදිරියේ ද ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේ ද උන්වහන්සේගේ පැමිණීමත්, උන්වහන්සේගේ රාජ්‍යයත් උදෙසා, මම ඔබට මෙසේ නියෝග කරමි. 2වචනය දේශනා කරන්න; කලටත්, අකලටත් සූදානමින් සිටින්න; වරද පෙන්වා දීමත්, තරවටු කිරීමත්, දිරිගැන්වීමත් කළ යුත්තේ, පූර්ණ ඉවසීමෙන් හා උපදෙසින් යුතු ව ය. 3මන්ද සාරවත් ඉගැන්වීමට මිනිසුන් සවන් නො දෙන කාලය පැමිණේ; ඔවුන් නලියන කන් ඇති ව, තම ආශාවනට සරිලන දේ ඇසීමට තමන්ට ගුරුවරුන් රැස් කර ගෙන, 4සත්‍යය වෙතින් තම කන් ඉවත හරවා, මිථ්‍යාවන් වෙත මුළාව යනු ඇත. 5එහෙත් ඔබ, හැම විට සංයමයෙන් සිටිමින්, අපහසුතා දරා ගනිමින්, ශුභාරංචිය ප්‍රකාශ කරන්නකුගේ මෙහෙය කරන්න. ඔබගේ මෙහෙය සම්පූර්ණ කරන්න.
6මන්ද දැනටමත් මම පාන පූජාවක් සේ වගුරුවනු ලබමින් සිටිමි. මගේ වියෝවීමේ කාලය ද එළැඹ තිබේ. 7මම යහපත් සටනක සටන් වැදුණෙමි. මම තරඟ දිවීම සම්පූර්ණ කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. 8එබැවින් දැන්, ධර්මිෂ්ඨකමේ ජයග්‍රාහී ඔටුන්න මා උදෙසා තබා තිබේ. ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් වන ස්වාමින්වහන්සේ ඒ දවසේ එය මට ප්‍රදාන කරනු ඇත. මට පමණක් නො ව, උන්වහන්සේගේ ප්‍රකාශ වීම, අභිරුචියෙන් බලා සිටින හැමටත් ය.
පුද්ගලික තොරතුරු
9ඉක්මනින් මා වෙත එන්න උත්සාහ දරන්න. 10මන්ද දේමස්, වත්මන් ලෝකයට ආලය වී මා අතහැර තෙසලෝනිකය වෙත ගොසිනි. ක්‍රෙස්කෙන්ස් ගලාතියට ද තීතස් දල්මාතියට ද පිටත් ව ගොසිනි. 11ලූක් පමණක් මා සමඟ ය. ඔබ සමඟ මාර්ක් කැඳවාගෙන එන්න. මගේ සේවය සඳහා ඔහු මට ප්‍රයෝජනවත් ය. 12තුකිකස් එපීසය වෙත යැවීමි. 13ත්‍රෝවසෙහි කාර්පස් වෙත මා තබා ආ කබාය හා පොත් ද විශේෂයෙන් සටහන් සහිත සම් පොත් ඔබ එද්දී ගෙන එන්න.
14ලෝහ ශිල්පී ඇලෙක්සැන්ඩර් මට මහත් උපද්‍රව පැමිණ වී ය. ඔහු කළ දේට ස්වාමින්වහන්සේ ඔහුට නිසි විපාක දෙනු ඇත. 15ඔබත්, ඔහුගෙන් පරිස්සම් වන්න. මන්ද ඔහු අපේ පණිවුඩයට දැඩි ව විරුද්ධ විය.
16මගේ මුල් නඩු වාරයේ කිසිවකු මා සමඟ සිටියේ නැත. සැවොම මා අතහැර ගියහ. එය ඔවුන්ට එරෙහිව ගණන් නො ගැනේවා! 17එහෙත් මා මගින් පණිවුඩය මුළුමනින් ප්‍රකාශ වී, සියලු අන්‍ය-ජාතිකයින් එය අසන පිණිස, ස්වාමින්වහන්සේ මා පසෙකින් සිට, මා දිරිගැන්වූ සේක. මෙසේ, සිංහ මුඛයෙන් මම ගලවනු ලැබීමි. 18හැම නපුරු ක්‍රියාවකින් ස්වාමින්වහන්සේ මා මුදා ගන්නා සේක්, ස්වකීය ස්වර්ග රාජ්‍යයට සුරක්ෂිත ව මා ගෙන යන සේක. උන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා! ආමෙන්.
අවසන් සුබ පැතුම්
19ප්‍රිස්කා හා අකිලාට ද ඔනෙසිපොරස්ගේ ගෘහ වාසීන්ට ද මගේ ආචාරය දන්වන්න.
20එරස්තස් කොරින්තියේ නැවතුණේ ය. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවතා ආවෙමි. 21ශීත කාලයට කලින් මෙහි ඒමට උත්සාහ කරන්න.
යුබුලස් ඔබට ආචාර කරයි. පුදෙන්ස්, ලීනස්, ක්ලෝදියා හා සහෝදරවරු සැවොම ඔබට ආචාර කරති.
22ස්වාමින්වහන්සේ ඔබගේ ආත්මය සමඟ වේවා! අනුග්‍රහය ඔබ සමඟ වේවා.
දැනට තෝරාගෙන ඇත:
2 තිමෝති 4: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: