2 සාමුවෙල් 7:11-16

2 සාමුවෙල් 7:11-16 SCV

මගේ ඉශ්‍රායෙල් ජනයාට මා විනිසුරුවන් පත් කර දුන් කාලයේ මෙන් තවත් ඔවුන්ට පීඩා නො කරනු ඇත. ඔබේ සියලු සතුරන් වෙතින් මම ඔබට විවේකය දෙන්නෙමි. “ ‘එපමණක් නො ව, ස්වාමින්වහන්සේ ඔබට වංශයක් සාදා දෙන වග ස්වාමින්වහන්සේ ම ඔබට ප්‍රකාශ කරන සේක; ඔබේ දවස් සම්පූර්ණ වූ කල, ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපෙන කල, ඔබට පසුව ඔබේ ම ශරීරයෙන් පැවත එන ඔබේ ම දරුවකු ඔබේ තැන ගැනීමට නැගිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථාපිත කරන්නෙමි. මගේ නාමයට ගෘහයක් ගොඩ නගන්නා ඔහු ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය මම සදහට ම ස්ථාපිත කරන්නෙමි. මම ඔහුගේ පියාණන් වන්නෙමි; ඔහු මගේ පුතණුවන් වන්නේ ය. ඔහු අයුතුකම් කළ විට මම මිනිස් ඉපලෙන් ඔහු හික්ම වන්නෙමි. මනුෂ්‍ය පුත්‍රයන්ගේ ඉපලෙන් තලවන්නෙමි. එහෙත් මම ඔබ ඉදිරියෙන් පහ කළ සාවුල්ගෙන් ඉවත් කර ගත් පරිදි, මගේ නොමියෙන ප්‍රේමය ඔහු වෙතින් ඉවත් නො කරන්නෙමි. ඔබගේ වංශයත්, ඔබගේ රාජ්‍යයත් නිසැක ව මා ඉදිරියේ සදහට ම පවතිනු ඇත. ඔබේ සිහසුන සදහට ම ස්ථාපිත කරනු ලබන්නේ යැ’ යි” පැවසූ සේක.

2 සාමුවෙල් 7:11-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය