2 සාමුවෙල් 7:10-13

2 සාමුවෙල් 7:10-13 SCV

මගේ ඉශ්‍රායෙල් ජනයාට ස්ථානයක් නියම කර දී, ඔවුන් එහි පැලපදියම් කරන්නේ, තමන්ගේ ම වූ තැනක වාසය කරන්නට ඔවුන්ට හැකි වන පිණිසත්, තවදුරටත් කැලඹීම් ඇති නො වන පිණිසත් ය. දුෂ්ට මිනිසුන් ඉහතදී කළාක් මෙන්, මගේ ඉශ්‍රායෙල් ජනයාට මා විනිසුරුවන් පත් කර දුන් කාලයේ මෙන් තවත් ඔවුන්ට පීඩා නො කරනු ඇත. ඔබේ සියලු සතුරන් වෙතින් මම ඔබට විවේකය දෙන්නෙමි. “ ‘එපමණක් නො ව, ස්වාමින්වහන්සේ ඔබට වංශයක් සාදා දෙන වග ස්වාමින්වහන්සේ ම ඔබට ප්‍රකාශ කරන සේක; ඔබේ දවස් සම්පූර්ණ වූ කල, ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපෙන කල, ඔබට පසුව ඔබේ ම ශරීරයෙන් පැවත එන ඔබේ ම දරුවකු ඔබේ තැන ගැනීමට නැගිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථාපිත කරන්නෙමි. මගේ නාමයට ගෘහයක් ගොඩ නගන්නා ඔහු ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය මම සදහට ම ස්ථාපිත කරන්නෙමි.

2 සාමුවෙල් 7:10-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය