2 සාමුවෙල් 6:5-11

2 සාමුවෙල් 6:5-11 SCV

දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ගීයෙන් ද වීණා, මහ වීණා, රබන්, පන්තේරු හා අත්තාලම් ඇති ව ස්වාමින්වහන්සේ අබියස තමන්ගේ මුළු සවියෙන් ප්‍රමෝද වූහ. ඔවුන් නාකොන්ගේ කමත වෙත ළඟා වූ කල, ගවයින් පැකිළුණ බැවින්, උස්සා තම අත දිගු කොට, දෙවියන්වහන්සේගේ කරඬුව ඇල්ලුවේ ය. ඔහුගේ ඒ වරද නිසා, ස්වාමින්වහන්සේගේ කෝපය උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දෙවියන්වහන්සේ ඔහු ගසා හෙළූ සේක. ඔහු දෙවියන්වහන්සේගේ කරඬුව පසෙක මළේ ය. ස්වාමින්වහන්සේගේ උදහස උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දාවිත් කෝප විය; එබැවින් ඒ ස්ථානය අද දක්වා ම පෙරෙස්-උස්සා යන නමින් හැඳින්වෙයි. ඒ දවසේ දාවිත්, ස්වාමින්වහන්සේට භය වී, “ස්වාමින්වහන්සේගේ කරඬුව කෙසේ ද මා වෙත එන්නේ?” යි කීවේ ය. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ගෙන යෑමට කැමති නො වී, එය පසෙකට හරවා ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසට ගෙන ගියේ ය. ස්වාමින්වහන්සේගේ කරඬුව ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසෙහි තුන් මසක් තිබුණු අතර, ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ටත්, ඔහුගේ නිවැසි සියලු දෙනාටත් ආශිර්වාද කළ සේක.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 6:5-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය