දාවිත්, තෝරාගත් ඉශ්‍රායෙල් මිනිසුන් තිස්දහසක් යළි එක් රැස් කළේ ය. දාවිත් තමා සමඟ වූ සියලු මිනිසුන් සමඟ යූදාහි බාලා වෙතින් පිටත් වූයේ, නාමයෙන් එනම් කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනාරූඪ ව සිටින සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන් හැඳින්වෙන දෙවියන්වහන්සේගේ කරඬුව එහි සිට ගෙනෙන්නට ය. ඔවුහු දෙවියන්වහන්සේගේ කරඬුව අලුත් ගැලක තබා, කඳු ගැටයෙහි පිහිටි අබිනාදාබ්ගේ නිවසේ සිට එය රැගෙන ආහ. අබිනාදාබ්ගේ පුත්‍රයින් වූ උස්සා හා අහියෝ අලුත් ගැල දැක්කූහ. දෙවියන්වහන්සේගේ කරඬුව ඒ මත විය. අහියෝ කරඬුවට පෙරටුවෙන් ගමන් ගත්තේ ය. දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ගීයෙන් ද වීණා, මහ වීණා, රබන්, පන්තේරු හා අත්තාලම් ඇති ව ස්වාමින්වහන්සේ අබියස තමන්ගේ මුළු සවියෙන් ප්‍රමෝද වූහ. ඔවුන් නාකොන්ගේ කමත වෙත ළඟා වූ කල, ගවයින් පැකිළුණ බැවින්, උස්සා තම අත දිගු කොට, දෙවියන්වහන්සේගේ කරඬුව ඇල්ලුවේ ය. ඔහුගේ ඒ වරද නිසා, ස්වාමින්වහන්සේගේ කෝපය උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දෙවියන්වහන්සේ ඔහු ගසා හෙළූ සේක. ඔහු දෙවියන්වහන්සේගේ කරඬුව පසෙක මළේ ය.
2 සාමුවෙල් 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 6:1-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ