2 සාමුවෙල් 23:1-2
2 සාමුවෙල් 23:1-2 SCV
දාවිත්ගේ අවසන් වදන් මේවා ය: “යෙස්සේගේ පුත් දාවිත්ගේ ප්‍රකාශයයි; උතුම් බවට පමණුවන ලද, යාකොබ්ගේ දෙවියන්වහන්සේ විසින් අභිෂේක කරන ලද මිනිසා වූ ඉශ්‍රායෙල්ගේ ඉමිහිරි ගීතිකාකරු වූ මිනිසාගේ ප්‍රකාශයයි. “ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා තුළින් කතා කළ සේක. උන්වහන්සේගේ වචනය මගේ දිවෙහි වෙයි.

