2 සාමුවෙල් 21:14
2 සාමුවෙල් 21:14 SCV
ඔවුහු, සාවුල්ගේ ද ඔහුගේ පුත් යොනාතාන්ගේ ද ඇටකටු සමඟ ඒවා බෙන්යමින් පළාතේ සේලාහි දී සාවුල්ගේ පියා වූ කීෂ්ගේ සොහොනෙහි භූමදාන කළහ. රජු අණ කළ හැම දෙයක් ම ඔවුහු කළහ. එයින් පසු දේශය උදෙසා වූ යාච්ඤාවලට දෙවියන්වහන්සේ පිළිතුරු දුන් සේක.

