2 සාමුවෙල් 12:1-6

2 සාමුවෙල් 12:1-6 SCV

ස්වාමින්වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් වෙත අවුත්, ඔහු අමතමින්, “එක් නගරයක මිනිසුන් දෙදෙනෙක් සිටියා. ඉන් කෙනෙක් පොහොසතෙක්; අනෙකා දුප්පතෙක්. ධනවතාට අති මහත් ගණනාවක් බැටළුවන් සහ ගවයින් හිටියා. එනමුත් දුප්පත් මිනිසාට ඔහු මිල දී ගෙනැවිත් සිටි බැටළු පැටවියක මිස අන් කිසිවක් තිබුණේ නෑ. ඔහු, ඇය ඇතිදැඩි කළා. ඈ ඔහු ද ඔහුගේ දරුවන් ද සමඟ වැඩුණා. ඔහුගේ ආහාරයට පංගුකාර වූවා. ඔහුගේ කුසලානෙන් බීවා. ඔහුගේ තුරුලේ නිදාගත්තා. ඇය ඔහුට දුවක මෙන් වූවා. “දිනක්, පොහොසත් මිනිසා වෙත සංචාරකයෙක් ආවා. තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කිරීමට තමාගේ ම බැටළුවන් හෝ ගවයින් ගැනීමට කැමති නො වූ පොහොසතා, දුප්පත් මිනිසා සතු ව සිටි බැටළු පැටවිය ගෙන, තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කළා” යි කීවේ ය. එවිට ඒ මිනිසාට එරෙහිව දැඩි සේ කෝපයෙන් ඇවිළුණු දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම ඒ දේ කළ මිනිසා සුදුසු මරණයටයි. ඔහු ඒ දේ කළ නිසාත්, අනුකම්පා නො කළ නිසාත් බැටළු පැටවිය වෙනුවට ඔහු සතර ගුණයක් ගෙවිය යුතු යැ” යි කීවේ ය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 12:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය