2 පේතෘස් 2:6-9

2 පේතෘස් 2:6-9 SCV

උන්වහන්සේ සොදොම් හා ගොමොරා නගර දවා අළු කරමින් ඊට දඬුවම් දී, අභක්තික දුෂ්ටයනට මතු සිදුවන දේ ගැන එමඟින් පාඩමක් දුන් සේක් නම්, අසංවර මිනිසුන්ගේ දූෂිත ජීවිත පැවැත්ම නිසා සංවේගයට පත් ධර්මිෂ්ඨ මිනිසකු වූ ලොත් උන්වහන්සේ මුදා ගත් සේක් නම්, (මේ ධර්මිෂ්ඨ මිනිසා ඔවුන් අතරේ දිනෙන් දින දිවි ගෙවමින්, ඔහු ඇසූ දුටු ඔවුන්ගේ නොපනත්කම් නිසා තම ධර්මිෂ්ඨ ආත්මයෙන් වේදනා වින්දේ ය) දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගට ම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක.