2 පේතෘස් 2:1-3

2 පේතෘස් 2:1-3 SCV

එකල ජනතාව අතරේ බොරු දිවැසිවරුන් වූ සේ ම ඔබ අතරේ ද බොරු ගුරුන් ඇති වන්නේ ය. මෙම බොරු ගුරුවරු තමන් ව මිල දී ගත් ස්වාමියාණන් පවා ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට ශීඝ්‍ර විනාශයක් පමුණුවා ගනිමින්, විනාශකාරී මිථ්‍යා-ධර්ම හොර රහසේ ම හඳුන්වා දෙති. බොහෝ දෙනකු ඔවුන්ගේ මෙම නීච දුරාචාර මාර්ග අනුගමන කිරීමේ හේතුවෙන්, සත්‍යයේ මාර්ගයට නිග්‍රහ පැමිණෙනු ඇත. මෙම ගුරුන් තණ්හාව නිසා, තමන් ම ගෙතූ කතා මගින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිට ම සූදානම් ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.

2 පේතෘස් 2:1-3 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය