2 පේතෘස් 1:8-11

2 පේතෘස් 1:8-11 SCV

මෙම ගුණාංග ඔබට හිමි ව, නිති වැඩේ නම්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ දැනගැන්ම නිෂ්ඵල වීමට හෝ නිස්සාර වීමට ඒවා ඉඩ නො දෙනු ඇත. එහෙත් යමකුට මෙම ගුණදම් නොමැති නම්, ඔහු දුර නො පෙනෙන අන්ධයෙකි. කලින් කළ පාපවලින් තමන් සෝදා පවිත්‍ර කරනු ලැබූ වග ඔහු අමතක කර ඇත. එබැවින් මා සහෝදරයිනි, ඔබගේ කැඳවීමත්, තෝරාගැන්මත් සහතික කරන පිණිස, වඩ වඩා උත්සුක වන්න. ඔබ එසේ ක්‍රියා කරනවා නම් කිසි දින ඔබ පැකිළෙන්නේ නැත. මෙසේ අපගේ ස්වාමින්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ ඉහළ පිළිගැනීමක් ද ඔබට හිමි වේ.

2 පේතෘස් 1:8-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය