මෙකල අරාම්හි රජු ඉශ්‍රායෙල්වරුන් සමඟ යුද්ධ කළේ ය. ඔහු තම නිලධාරීන් සමඟ සාකච්ඡා කර, “මම අහවල්, අහවල් තැන්වල මගේ කඳවුර පිහිටු වන්නෙමි” යි පැවසී ය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල් රජු වෙත පණිවුඩය යවමින්, “අසවල් තැන පසු කර නො යන්නට වග බලා ගන්න. මන්ද අරාම්වරු ඒ ස්ථානයට බැස එන්නෝ යැ” යි දැන්වී ය. එබැවින් ඉශ්‍රායෙල් රජු, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා විසින් අනතුරු අඟවන ලද ස්ථානය පරීක්ෂා කරවී ය. එලීෂා කීප විටක් රජුට අනතුරු ඇඟවූයෙන්, ඔහු ඒ ඒ තැන් මග හැර සිටියේ ය. මෙයින් අරාම්හි රජු කෝපයට පත් විය. ඔහු තම නිලධාරීන් කැඳවා, “අප අතරෙන් ඉශ්‍රායෙල් රජුට පක්ෂපාතී ව සිටින්නේ කවුරු ද කියා නුඹලා මට කියන්නේ නැද්දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහුගේ නිලධාරීන්ගෙන් කෙනෙක් කතා කරමින්, “එහෙම නො වෙයි මගේ ස්වාමි රජතුමනි, ඔබේ යහන් ගැබේදී ඔබ පවසන හැම වචනයක් ම ඉශ්‍රායෙල් දිවැසිවර එලීෂා ඉශ්‍රායෙල් රජුට කියන්නේ යැ” යි පැවසී ය. රජු කතා කොට, “යන්න, ඔහු කොතැනක සිටිනවාදැයි සොයා දැනගන්න. එවිට මිනිසුන් යවා මට ඔහු අල්ලා ගත හැකි යැ” යි නියෝග කළේ ය. “එන්න, ඔහු දොතාන්හි සිටිති” යි රජුට දන්වන ලදී. එවිට ඔහු අශ්වයින් ද රථ ද විශාල සේනාංකයක් ද එහි යැවී ය. ඔවුහු රාත්‍රියේ පිටත් ව ගොස්, පුරවරය වටලා ගත්හ. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා පසු දා අලුයම අවදි වී, පිටතට ගිය කල, අශ්වයින්ගෙන් ද රථවලින් ද සමන්විත හමුදාවක් පුරවරය වටලා සිටියේ ය. “අහෝ මගේ ස්වාමිනි මොනවද අප කරන්නේ?” යි සේවකයා ඇසී ය. “භය වන්න එපා” යි කී දිවැසිවරයා, “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝ යැ” යි කීවේ ය. එලීෂා යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් විවර කළ මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ සේවකයාගේ ඇස් විවර කළ සේක. ඔහු බැලූ කල මෙන්න! එලීෂා වටකර අශ්වයින්ගෙන් ද ගිනි රථවලින් ද කඳු පිරී තිබෙනු දිටී ය. අරාම්වරු තමා දෙසට එන විට එලීෂා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “මේ ජනයාට අන්ධභාවයෙන් පහර දෙන්නැ” යි පැවසී ය. එබැවින් එලීෂා ඉල්ලූ පරිදි උන්වහන්සේ ඔවුන් අන්ධ කළ සේක. එලීෂා ඔවුන් අමතමින්, “මේක නො වෙයි පාර. පුරවරයත් මේක නො වෙයි. එන්න මා පස්සෙන්; ඔබ සොයන මනුෂ්‍යයා වෙත මම ඔබ ගෙන යන්නම්” යි පැවසී ය. ඔහු ඔවුන් සමාරිය වෙත ගෙන ගියේ ය. ඔවුන් සමාරිය පුරවරය වෙත ඇතුල් වූ කල එලීෂා, “ස්වාමින්වහන්ස, දකින පිණිස දැන් මොවුන්ගේ ඇස් ඇරිය මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ ඔවුන්ගේ ඇස් විවර කළ සේක. ඔවුහු බැලූ කල, තමන් සමාරිය මැද සිටින වග දුටුවහ. ඉශ්‍රායෙල් රජු ඔවුන් දුටු විට, “මා ඔවුන් මරන්න ද? මගේ පියාණෙනි, මා ඔවුන් මරන්න දැ?” යි එලීෂාගෙන් ඇසී ය. “ඔවුන් මරන්නට එපා; ඔබේ කඩුවෙන් හෝ දුන්නෙන් අල්ලා ගත් අය ඔබ මරනවා ද? ඔවුන් කා බී ඔවුන්ගේ ස්වාමියා වෙත ආපසු යන පිණිස ඔවුන් ඉදිරියේ කෑම ද වතුර ද තබන්නැ” යි පැවසී ය. එබැවින් ඔහු ඔවුන් උදෙසා මහා භෝජන සංග්‍රහයක් සූදානම් කළේ ය. ඔවුන් කා බී නිම වූ පසු ඔහු ඔවුන් පිටත් කොට යැවී ය. ඔවුහු තම ස්වාමියා වෙත ආපසු ගියහ. එබැවින් අරාම් භට කණ්ඩායම් ඉශ්‍රායෙල් පළාත ආක්‍රමණ කිරීම නැවතිණ.
2 රාජාවලිය 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 6:8-23
3 Days
What is keeping you back from seeing the angels surrounding you? In this beautiful 3-day devotional, you will dive into the heart of 2 Kings 6 and discover first-hand how the servant's eyes were opened!
5 Days
Throughout God’s Word there are many accounts of individuals who faced challenging circumstances, but God protected them every time. In the God Comes Through in Protecting You Bible plan readers will discover through scripture how the LORD will protect you in any challenge you encounter in life.
We all face difficult circumstances, culture clashes, and personal struggles. Life can be like fighting in a battle. This is a devotional series that will encourage and strengthen you for the spiritual battles you will face in life.
This plan is for any woman who has ever feared, fallen, risked, failed, prayed, hoped, loved, lost, held on or walked away, been discouraged or felt frozen in time. It’s a message of hope for women who long to see their true worth through the eyes of their heavenly Father, so they can become all He has called them to be.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ